කතාව ගැන කියුවොත් ආරම්භයේදී සිද්ද වෙන්නේ ඩොනවන් මහතාගේ මුදල් නටාලියා බුෂ්හෝවා විසින් බැංකු කිහිපයකට මාරු කර එලියට පැමිණෙන අවස්ථාවේදී කලින් ඔවුන් සමගම වැඩ කරපු පිරිසක් මොවුන්ට පහරදෙනවා මුදල් ලබා ගැනීම වෙනුවෙන්. නමුත් ඩොනවන් පවසන්නේ රජයේ ඉහල අයත් සමග ගනුදෙනු කර ඇති බැවින් මුදල් ලබාදීමට නොහැකි බවයි, අවසානයේදී ඩොනවන් සහ ඔහුගේ සහායකයින් මරා දමන මෙම පිරිස එම මුදල් ලබා ගැනීමට බැංකුව මංකොල්ලාකෑමට තීරණය කරනවා, එහෙත් ඔවුන් නොසිතු පරිදි බැංකු මංකොල්ලය අතරතුර පොලිසියේ දෙදෙනෙක් (මයික්ටයි ඔහුගේ බෑණා) බැංකුව අසලට ඒමත් සමග වෙඩි හුවමාරුවක් ඇතිවෙනවා. ඒ වගේම මංකොල්ලකරුවන් කලින් අටවා තිබු බෝම්බයක් ද පිපිරවීමට සිද්දවෙන අතර, තවත් බොහෝදේ සිදුවෙනවා, හැමදේම කියන එකත් හරි නැනේ, ඒ නිසා ෆිල්ම් එක බලලම මොකද වෙන්නේ කියල තීරණය කරන්න.
අහ් ඒ මට කියන්න අමතක උනා බැංකුව අසල වෙඩි හුවමාරුව වෙද්දී මයික් සහ ඔහුගේ බෑණා සමග තවත් ළමයෙක් ඉන්නවා එයාගේ නම කෙනී, තව දෙයක් තමයි මයික් ගේ බැනාටත් වෙඩි වදිනවා. ඉතින් මයික්ගේ බෑනාට මොකද වෙන්නේ, කෙනිට මොකද වෙන්නේ, බැංකු කොල්ලකරුවන්ට අන්තිමට වෙන්නේ මොකක්ද, මේ හැමදේම දැනගන්න පුළුවන් ෆිල්ම් එක අවසානෙදි. 😀
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]