මේ චිත්‍රපටය සදහා imdb අගය 5.8ක් ලැබී තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ José Padilha. නිෂ්පාදකයින් වන්නේ Tim Bevan, Eric Fellner, Liza Chasin, Ron Halpern, Kate Solomon, Michelle Wright යන අය. ඒ වගේම සංගීත නිර්මාණය කරලා තියෙන්නේ Rodrigo Amarante. බොක්ස් ඔෆිස් වාර්තා ගැන කියනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 8.7ක ආදායමක් උපයලා තියෙනවා. මේක අයත් වෙන්නේ Drama/Crime ගණයට. ඒ වගේම කියන්න ඕනේ මේක සත්‍ය සිදුවීමක් අනුසාරයෙන් කරපු එකක්.
කතාව ගැන කුඩා හැදින්වීමක් කරන්නම්, 1976 ජූලි මාසයේ දී ත්රස්තවාදීන් සිව්දෙනෙකු ප්‍රංශ ගුවන් සේවයට අයත් යානාවක් පැහැරගන්නවා මගීන්ද සමග. ඔවුන් මේ මගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඊශ්‍රායෙල් රජයට බලකරනවා අල්ලාගෙන සිටින ත්රස්තවාදීන් නිදහස් කරන ලෙසට. ඉතින් ඊශ්‍රායෙල් සයරෙට් මට්කල්’ කොමාන්ඩෝ බලකායේ සෙබළුන් 100 ක් පිටත්වී යනවා පැහැරගත් ගුවන්යානයේ සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සදහා. ප්‍රාණ ඇපකරුවන් 106 දෙනෙකුගෙන් 103 ක් බේරාගන්නට හැකිවූ නමුත් එයින් 10 දෙනෙක් තුවාල ලබා සිටි අතරම, උගන්ඩා ගුවන් හමුදාවේ බාගයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. කොහොම උනත් මේ මෙහෙයුම මේ ආකාරයේ මෙහෙයුම් වලින් මෑත ඉතිහාසයේ කල සාර්ථකම මෙහෙයුම බවට පත්වුනා. ඉතින් මේ සත්‍ය කතාව තමයි චිත්‍රපටයක් ආකාරයෙන් කරලා තියෙන්නේ. බලන්න වටින කතාවක්. ඩවුන්ලෝඩ් කරලා බලන්න. ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / BR පිටපත් සඳහා ලබා දි ඇත.