2018 අගෝස්තු 16 තිරගත වුන මේ ෆිල්ම් එක රුසියානු ෆිල්ම් එකක්. ඒ වගේම මෙහි IMDb අගය 5.1 ක් ලබාගෙන තියනවා. අධ්යක්ෂණය Oliver Daly. රංගන දායකත්වය Alex Neustaedter, Becky G, Alex MacNicoll, Dominic Rains, Thomas Jane යන අය.
“මිනිසාගේ ලගම මිතුරා බල්ලා” කියලා කතාවක් තියනවනේ එත් මේ කියන්න යන්නේ සජීවී සුනකයෙක් ගැන නම් නෙවෙයි රොබෝ බල්ලෙක් ගැන. ඒ කියන්නේ මිලිටරි විසින් නිර්මාණය කරන ලද කෘතිම බුද්ධිත්වය දියුණු කර ඇති ඉහලම රහසිගත, රොබෝමය සුනකයෙක් ගැන. ඉතින් මේ සුනකයා නිර්මාණය කරලා තියෙන්නේ යුධමය උපකරණයක් හැටියට. ඉතින් මේ සුනකයා තමන් නිර්මාණය කරපු පර්යේෂණාගාරයෙන් එලියට ඇවිත් අයාලේ යනවා. මෙහෙම යනකොට යතුරුපැදි කරුවෙක් මේ රොබෝ සුනකයා හම්බෙනවා. එතනින් පස්සේ තමයි යතුරුපැදිකරුට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මොන වගේ කරදර බාධක ඔහුට එල්ල වෙයිද කියලා ෆිල්ම් එක අරන්ම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
Ft bicscoplk
Ft