2018 අගෝස්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Jason DeVan ය. සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය කර ඇති මෙහි ප්‍රධාන චරිතය සදහා පණපොවන්නේ Sydney Sweeney ය. ඊට අමතරව Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas රංගනය දක්වන අතර මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 4.3 ක අගයක් ලැබි ඇත. මෙය අයත් වන්නේ Drama, Horror, Thriller යන වරගිකරනයන්ටය.
ඈෂ්ලි සහ ජෝර්ඩ කියන්නේ අම්මා නැති පොඩි ළමයි දෙන්නෙක්, මේ දෙන්නට තාත්තාගෙන් ගොඩක් කරදරයි, හැම වෙලාවකම මෙයාල බැනුම් අහනවා. කාලයත් සමග ජෝර්ඩන්ට ශිෂ්‍යත්වයක් ලැබිලා ඈෂ්ලිගෙන් ඈත්වෙන්න වෙනවා. ඉතින් ජෝර්ඩන් නැති නිසා ඈෂ්ලි එයාල කලින් හිටපු ගමට ඇවිත් එයාගේ නැන්දගේ ගෙදර නතර වෙනවා. මෙහෙදී මෙයාට අමුතු අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. දවසක් පාර්ටියකට ගිය වෙලාවක අමුතු කාන්තා රූපයකුත් ඈෂ්ලිට පේනවා. කොහොමහරි මෙයාගේ යාලුවෙක් වෙන හැනා දැනගන්නවා ඈෂ්ලිගේ ගෙදර ඉන්නෙ දරුණු අමනුෂ්‍ය ආත්මයක් කියලා. ඊට පස්සේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඔයාලම මේ චිත්‍රපටය බලලා දැනගන්නකො එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.