ෆිල්ම් එක 2018 අගෝස්තු 31 තමයි තිරගත වෙන්නේ. මේක ඇවිල්ලා කම්මැලි නැතුව බලන්න පුළුවන් කොමඩි ෆිල්ම් එකක් අධ්යක්ෂණ දායකත්වය අපි දන්නා දනුෂ් සහා වෙට්රිමාරන්. රංගන දායකත්වය Dinesh, Mahima Nambiar. IMDb අගය ගත්තාම 6.1 ක් ලබාගෙන තියනවා.
කතාව ටිකක් ලංකාවේ කට්ටිය වගේම තමයි මතකද කුබියෝ එකේ ජෙහාන්ගේ ගේම ඒ වගේ කියලා හිතෙයි ඔයාලාට. මේකේ ඉන්නවා සේකර් කියලා කොල්ලෙක් ඔහු ඔහුගේ තාත්තාගේ අඩිපාරේ යමින් රා පෙරනවා. ඉතින් ඒ වගේම තමයි ඔහු කාලයක් තිස්සේ කෙල්ලෙක් පස්සේ යනවා. කොච්චර කෙල්ල පස්සේ ගියත් ඔහුව ප්ර්රතික්ෂේප වුණා. දවසක් තිබ්බ වාසනාවකටද කොහිද ඇය ඔහුට කැමැත්ත දෙනවා.
ඉතින් කෙල්ලට හොරෙන් බදින්න කතා කලත් ඇය එකට අකමැති වෙනවා. ඔය අස්සේ කොහෙද යන මරාලයක් නිසා සේකරට හිරේ යන්න වෙනවා. පස්සේ සේකර් හිරෙන් එන්නේ ඇමති කෙනෙක් වෙලා. ඉතින් මොකෝ වෙන්නේ කියලා බලන්න මාරු ෆිල්ම් එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.