ඇරෝ ගැන කියනවා නම් කොමික්ස් චරිත වලට කැමති අයට කියාපු කතා මාලාවක් තමයි මේක. මෙය විකාශනය වී එක දවසක් ඇතුලත IMDb දර්ශකයේ 9.1 ක් වැඩි ඉතා ඉහල ප්රේක්ෂක මනාපයක් දිනාගෙන තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ මේ කතා මාලාවේ පලවෙනි කොටසම මොන තරම් හොද ඇතිද කියලා.
මෙයට මුලික වෙන මුල් කොමික්ස් චරිතය වෙන්නේ 1941 දී DC කොමික්ස් යටතේ වන කොමික්ස් පොතකට චිත්රකරනු ලැබූ “Green Arrow” කියන චරිතයයි. අවුරුදු 71කට පසුව එය CW රුපවාහිනී නාලිකාව විසින් ටෙලි නාට්යක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තියෙනවා. කතාවට මුලික වෙන Oliver Queen කියන පුද්ගලයා නගරයේ ඉතා පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයෙක්. මොහු පියා සමග බෝට්ටු සවාරියක් යන අතරතුර අනතුරකට මුහුණ දෙනවා. ඒකෙන් බේරෙන්නේ නම් ඔලිවර් විතරයි. අවුරුදු පහක කාලයක් දුපතක සිරවී සිටින මොහුව බේරා ගන්නේ චීන මසුන් අල්ලන්නන් පිරිසක් විසිනුයි. කෙසේ නමුත් දුපතේ සිටි අවුරුදු පහක කාලය නම් ඔලිවර් ට හොද කාලයක් උනේ නෑ. ජිවත් වීමට නොයෙකුත් අරගල වලට මුහුණ දුන් ඔලිවර් නැවත නිවසට පැමිණෙන්නේ තමන්ගේ පියා විසින් කියන ලද යම්කිසි දෙයක් ද මතකයේ තබා ගනිමිනුයි.පියාගේ නැතිවීමත් සමඟ ඔහු වෙසෙන නගරය ජරා ජීරණය වෙනවා. ඔලිව පැමිණ නැවත ඒ නගරය යහපත් කිරීමට දරන වැයමක් තමයි මේ කතාවට ඇතුලත් වෙන්නේ.ඔබ “රොබින් හුඩ්” වලට ප්රිය කෙනෙක්නම් මේ කතා මාලාවට අනිවාර්යෙන්ම කැමති වනවා නිසැකයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]