ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය.., සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා.ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව, හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ඒ සාකච්ජාවට බාධා වුනා, ඔවුන් ගමන්කල යානය ඉදිරියට තවත් අති දැවැන්ත යානාවක් පැමිණීම නිසා. ඒක අයිති කාටද කියල පෙන්නන්න කලින් දර්ශනය අවසන් වුණත් අපි හැමෝම තේරුම්ගත්තනෙ යානෙ කාගෙද කියල… වෙන කාගෙද තානෝස්ගෙනෙ. ඒ වගේ දැවැන්ත යුධ යානයකට අසුවුණ තෝර්ගෙ යානයට මොනවගේ දෙයක් වෙන්න ඇතිද? අන්න එතනින් තමයි මේ Infinity War ආරම්භ වෙන්නෙ.
දැනුමට අධිපති වූ මැණික දරා සිටින ඔහු මිනිස් උප්පතිය නොලැබු සැබෑ මිනිසෙක්, කාලය පාලනය කරන ඔහු සැබවින්ම කාලය රැක ගැනීමට වෙර දරණ ජිවකයෙක්… කොතරම් වෙනස් වීමට වෙර දරණා බව පෙන්වුවත් කිසිදා වෙනස් නොවන විජ්ජාකරයෙකු වබ ඔහු දරා සිටින විශ්වයේ මාණික්‍ය සැබවින්ම බොහොම දෙනෙකුට රහසක්…. ලොවක් රකින සම්මේලනයක් සතු බල මාණික්‍ය ඇත්තෙන්ම නෝවා සම්මේලනයේ වටිනාම වස්තුවත්, භයානකම වස්තුවත් වන්නේ ඉන්ද්‍රජාලයේ ආරක්ෂකයන් එහි උරුමක්කාරයන්, සුරකින්න ලෙස ඔවුන් තෝරාගැනීම නිසාවෙන්… යාතාර්තයේ මාණික්‍ය විශ්වයේ පුරාතනයෙකු සුරක්ෂිතයි… ඉතින් මේ තමයි විශ්වයේ සිහසුන වෙනුවෙන් පොර කන අපේ දැවැන්ත සතුරාගේ ඉලක්කයන්. ඔහු මේ මාණික්‍ය තමුන් සතු කරගත යුතුයි…. නමුත් තවමත් අප කිසිවෙන් නොදන්න, ඇය පමණක් දන්න, ඔහුද නොදන්නා මාණික්‍යයක් පවා ඔහුගේ ගමන හරස් කරන්නේ ආත්මයේ නාමයෙන්… ඉතින් ඔහුට හැකි වේවිද මේ මහා බලය තමුන් සතු කරගන්න ? එක බල කේන්ද්‍රයක් ගොඩනගා ගන්න ? මේ සියල්ල සිදුවෙන තුරු අපේ වීරයන් කුමක් කරනු ඇති ද? කොහේ සිටිනු ඇති ද? සැබවින්ම කවුරු මේ සඳහා සහභාගී වන ඇති ද? අවසානයේ කී දෙනෙකු නම් අප නිහඬ තාවයේ ගිල්වමින් මාර්වල් විශ්වයේ දුහුවිලි පිරුණ ඉතිහාසගත කොමික් පොත් අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දුහුවිල්ලක් වී යනු ඇති ද? ඉතින් මේ පැටලුන ලිපිය ලෙහා ගන්නට, ඔබට කාලය කැප කරන්නටම සිදු වෙනවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDCAM.MkvCage පිටපත සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]