2018 වසරේ ජනවාරි මස 26 වන දින තිර ගතවු මෙම චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සිනමා දර්ශකය හෙවත් IMDb අගය 7.1/10 වැනි ඉතාමත් ලොකු අගයක් ගෙන තිබෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා බොක්ස් ඔෆිස් වාර්තා ලෙස ඉන්දීය රුපියල් කෝටි 58.90 ක අගයක් පෙන්නුම් කරනවා. මෙහි රංගනය ඉතාමත් ජනප්‍රිය තෙලිගු නිලියක් වන අනුෂ්කා ශෙට්ටි විසින් සිදු කරන අතර, අධ්‍යක්ෂණය G. Ashok විසින් සිදුකර තිබෙනවා.
කතාව ගැන කෙටියෙන් පොඩි හැදින්වීමක් කරනවා නම්, හිටපු අයිඒඑස් නිළධාරිණියක් වන චන්චලා කතාව ආරම්භයේදී සිරගතවී සිටිනවා. ඇය සිරගත වෙන්න කලින් වැඩ කලේ ඊශ්වර් ප්‍රසාද් කියන බොහොම හිත හොද අවංකව ජනතාවට සේවය කරන ඇමති කෙනෙක් ලග. කොහොම උනත් මධ්‍යම රජයෙන් මේ ඇමතිතුමාට විරුද්ධව කුමන්ත්රනයක් දියත්කරන අතර ඇමතිතුමාව කොටුකරගන්න හිතාගෙන සීබීඅයි එකට භාරදෙන්න සූඳානම් වෙනවා. නමුත් සීබීඅයි අධ්‍යෂකවරයා එයට කැමති වෙන්නේ නැහැ. එතැනින් නොනවතින මධ්‍යම රජය සිබිඅයි හි ම සිටින තවත් ඉහල නිළධාරිණියකට කාර්ය්ය පවරන නමුත් ඔවුන්ට එම කාර්ය්ය සඳහා කිසිඳු සාක්ෂියක් ලැබෙන්නේ නෑ.අවසානයේ මොවුන් සාක්ෂි සෙවිම සඳහා සිරගතවී සිටින චංචලාව තෝරාගෙන හොර රහසේම පොලිසියේද උදවු ඇතිව ඇයව නඟරයෙන් බොහෝ දුරින් ඝණ කැලෑවේ පිහිටි පාළු බංගලාවකට යාමට සූදානම් කරගන්නවා. ඒ බංගලාවේ නම බාගමතී බංගලාව අවට ගම්මුන් එම බංගලාවෙ නම ඇසීමට පවා බියවන ස්ථානයක්..! එසේ නම් චංචලා සිරගතව සිටින්නේ ඇයි..? ඇමතිතුමාව වරදකට කොටු කිරීමට මධ්‍යම රජය සූදානම් වන්නේ ඇයි..? පාළු බංගලාවේ දී මොවුන්ට කුමක් සිදුවෙයිද..? මේ සියලු ගැටළු වලට පිළිතුරු චිත්‍රපටය තුල තිබෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]