Home / All / Bharat Ane Nenu (2018) Sinhala Subtitles | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම් සිංහල උපසිරැසි සමඟ

Bharat Ane Nenu (2018) Sinhala Subtitles | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම් සිංහල උපසිරැසි සමඟ

Bharat Ane Nenu Sinhala Subtitle

විශේෂයෙන්ම, මේ Bharat Ane Nenu චිත්‍රපටය ගැන කියනවා නම්, මේ වර්ෂයේ අප්‍රේල් මස 19වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, නිෂ්පාදනය වුනේ ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ සාමාන්‍ය මුදලකින්. නමුත්, මේ සටහන ලියවෙන මොහොත වනවිට, 2018 වර්ෂයේඉන්දියාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතුරින් දෙවැනි වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව වාර්තා කරනුයේ, ඉන්දියානු රුපියල් කෝටි 240 ඉක්මවන දැවැන්ත මුදල් කන්දරාවක් තමන් සන්තක කරගනිමිනි. (දෙමල භාෂාවෙන් තිරගතවීම ආරම්භ වීමෙන් පසු සහ, සැටලයිට් රූපවාහිණි විකාශන අයිතිය ලබාදීමෙන් අනතුරව) දැනට මේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව දෙවැනි වන්නේ,Padmaavat (2018) චිත්‍රපටය සඳහා පමණි (ඉදිරියේදී මෙම වාර්තා බිඳී යා හැකිය).

කතාව ගැන කියුවොත් භාරත් කියන්නේ පොරොන්දු රකින කෙනෙක්, ඔහු කුඩා කාලයේදී අම්මා කියල දුන්න දෙයක් නිසා තමයි ඔහු මෙහෙම පොරොන්දු කඩ නොකරන කෙනෙක් බවට පත්වෙන්නේ, භාරත් කියන්නේ ගොඩක් උගත් වගේම හොද මොලයක් තියෙන කෙනෙක්. ඔහු කුඩා කාලයේම අම්ම මරණයට පත් වෙනවා. ඔහුගේ තාත්තා තවත් කසාදයක් කරගත්තත් භාරත් ට නම් එකෙන් සහනයක් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මොහු හැදී වැඩෙන්නේ වෙනත් රටක, තාත්තගේ මරණයෙන් පස්සේ ඉන්දියාවට එන මොහුට රටේ නීති ක්‍රියාත්මක වෙන හැටි දැකල පුදුම හිතෙනවා. කොහොම හරි ප්‍රාන්තයේ මහා ඇමති වෙන මොහු දැඩි නීති රීති දැම්මත් හොද පාලනයක් ගෙන යනවා. මේකට විරුද්ද අනිත් ඇමතිවරු එක එක කුමන්ත්‍රණ කරනවා. ගොඩක් දේවල් සිද්ද වෙනවා හැමදේම කියන්න බැහැ. ගොඩක් කෙටියෙන් කතාව කියුවේ.

භාරත් හිතන විදිහට ප්‍රාන්තය වෙනස් කරන්න පුළුවන් වෙයිද, ඔහුගේ තාත්තගේ මරණය ස්වාභාවික මරණයක්ද මිනිමරුමක්ද, භාරත්ගේ ලගින් ඉන්න ය ඔහුට පක්ෂපාතීද, ඔහු දිගටම මහඇමති විදිහට ඉදීවිද, මේ හැමදේම දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. ගොඩාක් රසවත් චිත්‍රපටයක් තමයි මේක.

Bharat Ane Nenu (2018) Sinhala SubtitlesBharat Ane Nenu (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය TamilMV Proper HQ True HDRip සහ TamilMV HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4346 Downloads

Check Also

Wasp Network (2019)

Wasp Network (2019) Sinhala Subtitles | සිරකාරයින් සිංහල උපසිරැසි සමඟ

Directed by: Olivier Assayas Produced by: Charles Gillibert, Rodrigo Teixeira Music by: Eduardo Cruz Cinematography: …

Leave a Reply