ටයිලර් හමුදා නිලදාරියෙක්. මෙයා කාලයක්ම රට වෙනුවෙන් සේවය කරලා තම පෙම්වතිය වන නැටලි සමග වෙනසකටත් එක්ක නිවාඩුවක් ගත කරන්න හිතාගෙන වනාන්තරයකට එනවා, ඉතින් මේකට නැටලි නම් ගොඩක් කැමති වෙනවා. කොහොම වුනත් ටයිටර් ඒ මොහොතේම නැටලි ගේ ඇගිල්ලට මුද්දක් එහෙම දාල එයාව විවහා කරගන්න පොරොන්දු වෙනවා. ඒ නිසා නැටලි ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. නමුත් මේ දෙන්නගේ සතුට නම් වැඩි වෙලාවක් තියෙන්නේ නම් නෑ. රාත්රී කාලයේදී මෙයාලට නොයෙකුත් ශබ්ද ඇහෙන්න ගන්නවා. ටයිටර් නම් එක විහිළුවකට ගත්තත් නැටලි නම් ගොඩක් බය වෙනවා. අවසානෙදි ටයිලර් තමන් සිටි කුඩාරමෙන් එලියට ගිහින් විපරම් කරනවා. ටික වෙලාවකින් නටාලි කෑගහනවා ඇහිලා ටයිටර් ඇවිත් බැලුවත් කුඩාරමත් එක්කම නතාලි නම් පේන්න හිටියේ නෑ. කළුවර නිසා ඔහුට තම පෙම්වතිය සොයාගන්න බැරි වෙනවා. නමුත් ඒක වලස් ප්රහාරයක් කියල මෙයා විශ්වාස කරන්නේ නෑ. කොහොම උනත් මේ නිසාම මෙයාට අවුරුද්දක් මානසික රෝහලක ඉන්න සිද්ද වෙනවා.
පසුව මානසික රෝහලෙන් එලියට එන මොහු තම පෙම්වතියට ඒ දේ කලේ කවුද කියල දැනගන්න ආයෙත් අර වනාන්තරයටම යනවා. එහිදී මුලින්ම ඔහුගේ ගමන් මල්ල අතුරුදහන් වෙනවා. ඊළගට ඔහුගේ වාහනයට ප්රහාරයක් එල්ල වෙනවා. තව ඔහුට මිතුරෙක්ද වනයේදී මුන ගැහෙනවා. ඉතින් මේ දෙන්නට නොයෙකුත් භාධක වලට මුහුණ දෙන්න වෙනවා. මොහුගේ අලුත් යාලුවට මොකද වෙන්නේ? මේ අද්භූත සත්වයා කවුද? ඒ භයානක සත්වයාගෙන් බේරීමට ටයිටර් ට පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඒ අත්භූත දෙය විනාස කරන්න හැකිවෙයිද? අවසානෙදි මොන වගේ දෙයක් වෙයිද? මේ හැමදේම දැනගන්න පුළුවන් මේ චිත්රපටය බලලා.
Justin Lee ගේ පිටපතක් සහ අධ්යක්ෂණයක් වන මෙහි Kevin Makely, Todd A. Robinson, Amanda Wyss වගේ පිරිසක් තමයි තිරයේ දකින්න ලැබෙන්නේ.පැය 1 යි මිනිත්තු 30 ක කාලයක් පුරා විහිදී යන මේ කතාව තුල ක්රියාදාම, අභිරහස් වගේම විටෙක හිත බයෙන් සසල කරනවා ක්ෂණික එහා මෙහා වීම එහෙමත් දැකගත හැකි වේවි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]