Breaking News
Home / All / Blackmail (2018) Sinhala Subtitles | අපූරු විහිලුව සිංහල උපසිරසි සමඟ

Blackmail (2018) Sinhala Subtitles | අපූරු විහිලුව සිංහල උපසිරසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

කතාව ගැන කියනවා නම් දේව් කියන්නේ ටොයිලට් පේපර් නිෂ්පාදනය කරන සමාගමක හොද සේවකයෙක්. ඒ වගේම හොද ස්වාමිපුරුෂයෙක්. දවසක් මෙයා තමන්ගේ බිරිදව පුදුම කරන්න හිතාගෙන මල් පොකුරක් එහෙම අරගෙන වේලාසන ගෙදර එද්දී තමන්ගේ බිරිද වෙනත් පුරුෂයෙක් එක්ක නිදන කාමරයේ ඉන්නවා දකිනවා. ඒත් දේව් වෙන අය වගේ බිරිදටවත් අනිත් පුරුෂයාටවත් ගහන්නේ නම් නැහැ. මෙයා ඒ වෙනුවට අර මිනිහව බ්ලැක්මේල් කරනවා. එහෙම කරලා දේව් ඉල්ලන්නේ සල්ලි. ඉතින් මේ බ්ලැක්මේල් කරන එක එතනින් නම් නවතින්නේ නැහැ. පිට පිට බ්ලැක්මේල් කරනවා. එකකින් පස්සේ තව එකක්, ඒකෙන් පස්සේ ආයෙත් එකක්. බ්ලැක්මේල් තව තවත් වෙමින් යන මේ කතාවේ අන්තිමට මොකද වෙන්නේ කියල දැනගන්න ඕන නම් ඔයාලට චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේක කාලෙකින් ආව හොද කොමඩියක් කියන එක. මම කිවුවට වැඩක් නෑනේ, ඔයාල මේක අරගෙනම බලන්න.

මේ වසරේ අප්‍රේල් 6 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhinay Deo විසින්. IMDB දර්ශකයත් 7.1 වැනි ඉහල අගයක් අරගෙන තියෙනවා. Irrfan Khan කියන දක්ෂ රංගන ශිල්පියා තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Irrfan Khan ගැන කියනවා නම් බාබර්, ලන්ච්බොක්ස්, පීකු, හින්දි මීඩියම්, වගේම Slumdog Millionaire චිත්‍රපටි වල ඉර්ෆාන්ගේ රංගනය කාගේත් හිතේ තවමත් රැඳිලා ඇති. ඊට අමතරව මේ චිත්‍රපටය සදහා Kirti Kulhari, Arunoday Singh, Divya Dutta රංගනයෙන් දායක වෙනවා.

Blackmail (2018) Sinhala SubtitlesBlackmail (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

591 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *