Breaking News
Home / All / Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 සිංහල උපසිරැසි

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Directed by: Travis Knight
Produced by: Lorenzo di Bonaventura, Tom DeSanto, Don Murphy, Michael Bay, Mark Vahradian
Release date: December 3 2018 (Sony Center), December 21 2018 (United States)
Running time: 114 minutes
Country: United States
Language: English
Budget: $135 million
Box office: $412.3 million
IMDb Rank: 7.2/10
Cast: Hailee Steinfeld, John Cena, Jorge Lendeborg, John Ortiz, Jason Drucker

Bumblebee 2018 TrailarBumblebee 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය HC-HD පිටපත් සඳහා ගැලපේ.

465 Downloads

200MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

650MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

1.2GB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Check Also

Flash Season 6 Epi 1

The Flash [S06 E02] Sinhala Subtitles | ෆ්ලෑෂ්ට මැරෙන්න වෙයිද සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 2 votes. Please wait... Director: Chris Peppe Writers: …

2 comments

  1. Avatar

    Text ගන්න විදිහ contact US වලට දැම්මා

    මෙ site එකට උදව් කරන හේතුව තමා regester නැතුව sub ගන්න පුලුවන් වගෙම sub එක හදපු අයගෙ නම් වෙනස් නොකර ලබා දෙන එක….. Keep It UP

    මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන එක. ඒ වෙනුවෙන් ඇය නොගන්න මහන්සියක් නැති තරම්. ඒ හීනය හැබෑ කරගන්න උත්සහ කරන අතරේ තමන්ගේ 18 වෙනි උපන්දිනයේදී ඇයට නොහිතපු දෙයක් හම්බෙනවා. ඉතින් මේ ආරම්භ කරන්නේ 2007 වසරේ මයිකල් බේ විසින් ඔබට මුලින්ම දකින්න සැලැස්වූ චිත්‍රපට මාලාවේ ප්‍රධාන රොබෝ චරිතය වෙනුවෙන් නිර්මාණය උන නවතම චිත්‍රපටය Bumblebee හෙවත් අර කහපාට කාර් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් කතාබහ කරන රොබෝ හාදයාගේ කතාවයි මේ. මේ සමඟ මේ කතා මාලාවේ චිත්‍රපට හයක් සම්පුර්ණ කෙරෙනවා. ඒ හයටම අපෙන් උපසිරසිත් ඔබට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට 6 ඔන්න පහතින් තියෙනවා මීට කලින් එකක් හරි මග ඇරුනා නම්,

    Transformers (2007)
    Transformers: Revenge of the Fallen (2009)
    Transformers: Dark of the Moon (2011)
    Transformers: Age of Extinction (2014)
    Transformers: The Last Knight (2017)
    Bumblebee (2018)

    මේ චිත්‍රපටය ඇත්තටම කරලියට ආවේ වර්තමානයේ තවමත් බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක කඩමින් යන Aquaman චිත්‍රපටය හා සමගාමීවයි. හැබැයි වෙනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයකට වඩා spin-off චිත්‍රපටයක් වූ කහපාට රොබෝ වීරයාට ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ලැබුනා. මොකද අභාවයට යමින් තිබුන ට්‍රාන්ස්ෆෝමර්ස් කතමාලවට යලි පණක් ලැබුනා වගේ ප්‍රතිචාර මේ චිත්‍රපටය හරහා ලැබෙන්න ගත්තම ගොඩ දෙනෙක් හිතුවේ DC රසිකයන්ගේ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව උන ඇක්වාමෑන් චිත්‍රපටයට මේ නිසා පහරක් එල්ල වේවි කියල. නමුත් වෙනස් කතා මාලාවන් දෙකක් නිසා බම්බල්බී නිසා ඇට්ලන්ටිස් වීරයාට හානියක් නොවුන ගානයි. නමුත් ට්‍රාන්ස්ෆෝමර් කලින් චිත්‍රපටයට වඩා මේ චිත්‍රපටය සංවේදී කතාවක් උන නිසාම ළමුන් අතර සහ පවුලේ කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් නැඹුරු කරගන්න සමත් උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ උනේ මේ චිත්‍රපට මාලාවට අලුත් කෙනෙක් විසින්. ඔහු නමින් Travis Knight. මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හමුවුනේ Kubo and the Two Strings නමැති ඇනිමේෂන් චිත්‍රපටය හරහායි. ඇනිමේෂන් චිත්‍රපට වල ආභාෂය වැඩියෙන් ඇති කෙනෙක් හැටියට ඔහු විසින් භාරගත් මේ අභියෝගය ඉතාමත් සාර්ථකයි කියල ආදායම් වාර්තා ගැන බැලුවොත් ඔබට පෙනී යාවි. මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරනකොට අද දින වනවිට ඩොලර් මිලියන 412.3ක් උපයාගෙන අවසානයි. ඒවගේම මේ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන්නේ අපි දන්නා කියන පිරිසක්. රෙස්ලින් බලන කෙනෙක් නම් ජෝන් සීනා නොදන්නවා වෙන්න බැහැ. ඔහු මේ චිත්‍රපටයේ හමුදා චරිතයක් නිරුපනය කරනවා. ඒ වගේම The Edge of Seventeen සහ Pitch Perfect 3 යන චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hailee Steinfeld මෙහි ප්‍රධාන චරිතයක්චි රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටය රූගත කර තිබෙන්නේ ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලදී. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆොර්මර්ස් රසිකයෙක් නම් මේ චිත්‍රපටය අවසානයේ ඔයාල පළමුවෙන් 2007 දැකපු චිත්‍රපටය සමග මේ කතාව සම්බන්ධ කරලා තියෙනවා දකින්න ලැබේවි. ඒක නිසා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මග ඇරගන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය සහ කලින් චිත්‍රපට වල බම්බල්බී චරිතය ගැන මතක නම් ලාස්ට් නයිට් චිත්‍රපටයේ බම්බල්බීගේ අතීත සිදුවීම් එක්ක බැලුවම මේ මේ බම්බල්බීගේ අතීතය හාත් පසින්ම වෙනස් බව දකින්න ලැබේවි. ඒ වගේම මෙතරම් වේලාසන බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ. අන්තර්ජාලයේ හරි හමන් උපසිරසක්ව නොතිබුනු නිසා පොඩි කට්ටක් කාල අමුතුවෙන්ම කාල රාමු සකසමින් අසා ලිවීමක් කරලා තමයි මේ විදිහට උපසිරස ලබා දෙන්නේ. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *