Home / All / Charlie Wilson’s War (2007) Sinhala Subtitles | චාලි විල්සන්ගේ යුද්ධය සිංහල උපසිරසි

Charlie Wilson’s War (2007) Sinhala Subtitles | චාලි විල්සන්ගේ යුද්ධය සිංහල උපසිරසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

කොහොමද බයිස්කෝප්ස් වාසි යාලුවනේ….?මේ මගේ ප්‍රථම සිංහල උපසිරසිය.ton ගානට film,tv series වල සිංහල සබ් බාගන්න කොට මටත් හිතුනා සිංහල සබක් කෙටුවා නම් හොඳයි කියලා.english sub එකෙන් විතරක් film,tv series මට රසවිඳිය හැකි වුවද එසේ කිරිමට අපහසු english film,tv series වලට කැමති මිත්‍රයන්ද සිටී.ඒ නිසා රසිකත්වයට භාෂාව හරස් වු තැන කවුරුත් ගොඩ වෙන්නේ baiscopeslk ටය.අනෙක් අතට english තේරුම් ගැනිමට හැකි වුවත් සිංහල සමඟ නැරඹිම වෙනම ආතල් එකකි.මොකද එය අපේ මව්බස නිසාය.හදවතට ළඟම භාෂාවයි.

චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත්……CBS නාලිකාවේ යුද වාර්තාකරුවෙකු වන george crile නම් මාධ්‍යවේදියාගේ පොතක් අනුසාරයෙන් මෙම චිත්‍රපටය  නිපදවා ඇත.එමෙන්ම මෙයට සත්‍ය කථාවක් පාදක වී ඇත.මෙහි ප්‍රධාන චරිතය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත කොන්ග්‍රස් මණ්ඩල සභික චාලි විල්සන්ය.චාලි රූමත් කාන්තා ඇසුරටත්,මත්ද්‍රව්‍ය වලටත් ලොල් වු අයෙකි.ඇෆ්ගනිස්තාන වැසියන්ට රුසියානු ආධිපත්‍ය හමුවේ ඇතිවන දුෂ්කරතා වලට චාලි සංවේදිය.එමෙන්ම ඇමරිකානු රජය එයට දක්වන අඩු සැලකිල්ල ඔහුගේ අසතුටට හේතුවේ.මෙම වාතාවරණය හමුවේ චාලිට ජොඈන් නම් ඉතා ධනවත් මිතුරියද,මෙලෝ යකෙක් තඹේකට මායිම් නොකරන CIA නියෝජිතයෙක් හමුවේ.ඔහු විහිලුකාර පුද්ගලයෙකි.තමාට ඇති කුඩා බලයෙන් විවිධ රටවල රාජතන්ත්‍රිකයන් හවුල් කරගෙන විවිධ හැලහැප්පිම් යටතේ චාලි ඇෆ්ගනිස්තානය තුල සිදුකරන පෙරළිය චිත්‍රපටය පුරා දිවයයි.තවත් විස්තර කිව්වොත් ආතල් කැඩෙනවා.ඒ නිසා චිත්‍රපටය බලන්න ආරධනා කරනවා.

මෙහි ප්‍රධාන චරිතය වන  චාලි විල්සන් ගේ චරිතයට පණ පොවන්නේ Tom hanks ය.ජොඈන් ගේ චරිතයට පණ පොවන්නේ Julia Robert ය.CIA නියෝජිතයා වන Gust ගේ චරිතයට පණ පොවන්නේ Philip seymour hoffman ය.චාලිගේ පුද්ගලික ලේකම් ලෙස Amy adams රංගන දායකත්වය සපයයි.

මෙම චිත්‍රපටය එක් oscar සම්මාන නිර්දේශ විමකට හා Golden globe නිර්දේශ වීම් 5 කට ලක් වී ඇත.Imdb අගය 7.1ද,Rotten tomatoes අගය 82% ගැනිමට හැකි වී ඇත.

යුද්ධය තුවක්කු හා බොම්බ වලින් පමණක් 100% නිමා කළ නොහැකි බවත්,බලාපොරොත්තු රහිත තරුණ ඇෆ්ගනිස්ථාන පරපුරකට ආයුධ පමණක් ලබාදි ඇමරිකාව සිදුකළ ඵෙතිහාසික වරද.අද දක්වාම නොනිමෙන යුද්ධයකට පාර කැපු අයුරු ප්‍රේක්ෂකයාට සිතිමට සලසා චිත්‍රපටය අවසන් වේ.

අවසනයේ මතක් කිරිමට ඇත්තේ වැරදි,අඩුපාඩු,හොඳ,නරක Comment එකක් විදිහට කොටා ගෙනම යන්න යාලුවනේ.නැවත උපසිරසියකින් හමුවෙන තුරු සමුගන්නම්…..😁😁

නම-තාරුක කුමුදුමාල් ජයසිංහ.

Charlie Wilson's War (2007) TrailarCharlie Wilson's War (2007) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

161 Downloads

මෙම උපසිරැසි ලබාදුන්නේ

Tharuka Kumudumal
Tharuka Kumudumal

Check Also

The Platform (2019)

The Platform AKA El hoyo (2019) Sinhala Subtitles | බන්ධනාගාරය සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Galder Gaztelu-Urrutia …

Leave a Reply