IMDB 6.8 ක අගයකුත් රෝටන් ටෝමාටෝ 84 % වගේ අගයකුත් හිමිකරගත් මේ නිර්මාණයේ ධාවන කාලය වෙන්නේ පැය 1 කුත් මිනිත්තු 54ක්. පසුගිය වසරේ බොහොම කතාබහ වුන Una Mujer Fantástica හි අධ්‍යක්ෂක Sebastián Lelio ගේ තවත් සුපිරි නිර්මාණයක් වන මෙහි පිටපතත් නිර්මාණය වෙන්නේ ඔහු අතින් සහ Rebecca Lenkiewicz අතින්. තිරයේ දකින මුහුණ වෙන්නේ සුප්‍රසිද්ධ Rachel Weisz සහ Rachel McAdams මේ දෙපලට අමතරව අනික් ප්‍රධානම චරිතය වෙනුවෙන් Alessandro Nivola තමයි එක්කාසු වෙන්නේ.
කතා නායිකාව වන්නේ ජයාරූප ශිල්පිනියක් ලෙස ජිවත් වන රොනීත්. ඇය ජීවත් වෙන්නේ නිව්යෝක් නගරයේ. යුධෙව් නීතිරීති, ගුණධර්ම හිස් මුදුනින් පිළිගන්නා සමාජයක ප්‍රධානියෙක් තමයි ඇයගේ පියා. දිනක් ඇයට එංගලන්තයෙන් දුරකතන ඇමතුමක් එනවා තමන්ගේ පියාගේ මරණය පිලිබදව. ඉතින් ඇය පියාට අවසන් ගෞරව දැක්වීම සදහා එංගලන්තය බලා පිටව යනවා. තමන් අමතක කරන්න වෙර දරන අතීතය වෙත නැවතත් යන්න සිදුවෙනවා කීවොත් නිවැරදි.
ඇයව පිළිගැනීමට පැමිණෙන්නේ ඇයගේ පියාගේ ලගම ගෝලයා මෙන්ම ඇය කුඩාකල සිට ඇසුරු කල ඩොවිඩ්. පැරණි දේ කතාබහ කරන අතරතුර ඩොවිඩ් ගේ බිරිද ගැනත් කියනවා, එයා නමින් එස්ටී. ඇය තමයි රොනීත් සමාජය අත්හැර යාමට පෙර ඇයගේ පෙම්වතිය. දැඩි ආගමික මතදාරී සමාජයක එක් අයෙක් තමුන්ගේ නිදහස සොයා සියල්ල අතහැර යන මොහොතේ ඒ අත්හැර දැමුණ දෙයක් වුන එස්ටී සමාජයේ බලකිරීම මත තමුන්ටම පිටුපාමින් විරුද්ධ ලිංගික විවාහයක් සිදුකරගෙන. ඉතින් මේ කතාව තුල ඔබට දකින්නට තියෙන්නේ පැරණි ප්‍රේමය නැවත පැමිණීම එක්ක එස්ටීගේ සහ රොනීත්ගේ ජීවිතය උඩු යටුකුරු වෙන ආකාරයයි.
ඔබ දැනට වයස අවුරුදු 18 ට වඩා අඩුනම් මේ චිත්‍රපටය නැරබීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]