Rodrigo Cortés විසින් අධ්යක්ෂණය කර තිබෙන මෙම චිත්රපටය තිරගතවීම් ආරම්භ කර ඇත්තේ 2018 අගෝස්තු මස 1. Lois Duncan විසින් රචනා කර ඇති Down a Dark Hall කියන නවකතාව ඇසුරෙන් මේ චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ප්රධාන චරිතය වන කැත්රින් ගේ චරිතය සදහා පනපොවන්නේ AnnaSophia Robb විසින්. IMDb අගය 5.2ක් හිමිකරගෙන ඇති මේ චිත්රපටය සදහා ගුගල් පරිශීලකයින්ගෙන් 83% ක් කැමැත්ත ප්රකාශ කර ඇත.
කැත්රින් අවුරුදු 17 ක ගැහැණු ළමයෙක්. ඒත් මෙයා කරන්නේ කෙල්ලොන්ට ගැලපෙන වැඩ නම් නෙමෙයි. මෙයාගේ දඩබ්බර වැඩ වැඩි නිසාම එයාගේ අම්මා එයාව මානසික සායනයකට එක්කරගෙන යන්න පටන් ගත්තා. මෙයාගේ තාත්තත් මෙයා පොඩි කාලෙම මරණයට පත් වෙලා. දවසක් බ්ලැක්වුඩ් කියන පාසලක උපදේශිකාවක් වන ඩොක්ටර් සින්ක්ලෙයාර් කැත්රින් ගේ මවට සහ සුළු පියාට කියනවා මෙයාව බ්ලැක්වුඩ් පාසලට බාරදෙන්න කියල. කොහොමහරි අකමැත්තෙන් වුනත් කැත්රින් මේ පාසලට ඇතුලත් වෙනවා. එත් එයා යන දවසේ ඒ පාසලේ වෙන ළමයින් නම් පෙන්න හිටියේ නෑ. පහුවදා උදේම වෙරෝනිකා, ඈෂ්ලි, ඉසී වගෙම සියෙරා කියල තවත් ගෑණු ළමයි හතරදෙනෙක් බ්ලැක්වුඩ් පාසලට ඇතුළත් වෙන්න එනවා. කොහොම වුනත් මෙයාල හොද මිතුරෝ වෙන්නේ නම් නැහැ. අද්භූත පෙනුමක් තියෙන මේ පාසලේ සේවිකාවක් වෙන මිස් ඔර්ලොන්ස්කි ළමයින්ගේ ජංගම දුරකතන එකතුකරනවා. කොහොම හරි ටික කාලයක් ගියාම මෙයාලටවත් හිතාගන්න බැරි විදිහට එයාල ඉගෙනගන්න විෂයන් වලට එයාල ගොඩාක් දක්ෂ වෙනවා. මේකේ මොකක්හරි දෙයක් තියෙනවා කියලා කැත්රින් ට හිතෙන්න ගන්නවා. ඔහොම ඉද්දි කැත්රින් ට වගේම ඈෂ්ලිට එක එක මිනිස් චායාවන් පේන්න පටන්ගන්නවා. ඔතනින් තමයි මේකේ අත්භූත සිදුවීම් පෙළ පටන්ගන්නෙ. ඉතින් මෙයාල පස් දෙනාට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලත් බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.