මේ ෆිල්ම් එක අලුත්ම වෙනස්ම ආකාරයට නිෂ්පාදනය කරපු එකක්.ඒ වගේම තමයි මේක මලයාලම් ෆිල්ම් එකක්. 2018 මැයි 04 තමයි තිරගත වුණේ. මේකේ imdb අගය 8.8ක ඉහල අගයක් වාර්තාකරලා තියනවා. අධ්යක්ෂණය Lijo Jose Pellissery කරලා තියනවා.රංගන දායකත්වය Vinayakan,Chemban Vinod Jose,Dileesh Pothan යන අය.
මරණයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ ඒ වච්චන්ගේ මරණය වටාය. ඔහු ටික කාලයකට පෙර ගමෙන් අතුරුදහන් වෙලා එක පාරටම නැවත නිවස බලා එනවා,ඉතින් ඔහු ගමට ඇතුළු වෙනවත් එක්කම ඔහුගේ දුව ගැන නරක කටකතා ඔහුට අහන්න ලැබෙනවා. ඉතින් ඔහුට ඒ ගැන කියපු කෙනාටත් ගහලා ඔහු නිවාස කරා එන්නේ තාරා මස් ද අරගෙනයි. ඊසි කියන්නේ වච්චන්ගේ පුතා ඔහුට ආරංචි වෙනවා පියාගේ පැමිණීම ඉතින් ඔහු සැර බිමකුත් අරගෙන පියා බලන්න ලහි ලහියේම ගෙදර යනවා. ඉතින් වච්චන් ඊසිට එකපාරටම සල්ලි මිටියක් දීලා කියනවා වච්චන්ගේ මළගම හොදට කරන්න කියලා. නමුත් ඊසි දැනගනවා ඒවා අවලංගු වුන ඒවා කියලා ඒ වගේම ඔහු වච්චන්ට පොරොන්දුවකුත් වෙනවා රජෙක්ගේ වගේ මළගෙයක් ගන්නවා කියලා ඔතනින් තමයි කතාව ඊසිට වැරදෙන්නේ වච්චනුත් එදාම මිය යනවා අතේ කියක්වත් නැති ඊසි දැන් මොකක් කරයිද. ඔහු පියාට වුන පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද? ආ තව එකක් කියන්න ඕනි මේ ෆිල්ම් එකේ ආදර කතාවක්වත්,ගීතවත් අඩංගු වන්නේ නෑ වෙනස්ම තාලෙක කතාවක් ඔයාලත් බලන්න මොකකින්මො කක් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.