2018 ජූලි මස 27වැනිදා Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ Ben Young. Michael Peña සමඟින් Jessica Jones, Luke Cage හා Mike Colter විසින් මෙම චිත්රපටයේ ප්රධාන චරිත වලට රංගනයෙන් දායක වී තිබෙනවා. IMDb අගය 5.8 ක් ලබාගෙන තිබෙන මෙම චිත්රපටය අයත් වෙන්නේ Action, Drama, Sci-Fi, Thriller යන වර්ගීකරණයන්ට.
පීටර් සහ ඇලිස් ට ළමයින් දෙන්නෙක් ඉන්නවා එයාල තමයි හැනා සහ ලුසී. පීටර් ට ලෙඩක් තියෙනවා, ඒතමයි නින්දෙදි නපුරු හීන පේන එක. මෙයා මේකට ප්රතිකාර ගන්න අකමැති උනත් අවසානෙදි මෙයා මානසික සායනයකට යන්න තීරණය කරනවා. ඒ සායනයට ගියාම මෙයාට තවත් කෙනෙක් මුණගැහෙනවා, එයාටත් පීටර් ට වගේම එයාට පේන හීනම පේනවා කියලා කියනවා. මොකක් හරි ලොකු දෙයක් වෙන්නයි යන්නේ, එත් ඒක මිනිස්සු දැනගන්නවට අකමැති කොටසකුත් ඉන්නවා කියලා මෙයා පීටර් ට කියනවා. කොහොම හරි පීටර් සායනය පැත්තකට දාල ගෙදර යනවා. දවසක් ඇලිස්ට උසස්වීමක් ලැබුන නිසා පාර්ටියක් තියනවා ගෙදර. පාටිය ඉවරවෙලා පීටර් එයාගෙ යාළුවෙක් එක්ක බැල්කනියේ කතා කර කර ඉන්න වෙලාවේ අහසෙ ලොකු එළියක් පේන්න ගන්නවා. ඔන්න ඔතනින් පස්සේ තමයි හැමදේම පටන් ගන්නේ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.