දකුණු ඉන්දීය සිනමාව හොල්ලන්නට සමත් වුන මේ ෆිල්ම් එක වාර්තා පිට වාර්තා ලබා ගත්ත ෆිල්ම් එකක් වුණා. හින්දි සිනමාවේ John Abraham රගපෑ Satyameva Jayate ෆිල්ම් එකත් මේ ෆිල්ම් එකත් 2018 අගෝස්තු 15 තිරගත වුණා. එත් කව්රුත් හිතපු නැති විදිහට හින්දි ෆිල්ම් එකටත් වඩා මේ ෆිල්ම් එක ජනප්රිය වුණා කිව්වාම පුදුමයි නේද? මෙහි IMDb අගයත් 8.1 ක ඉහල අගයක් ලබාගෙන තියනවා. රංගන දායකත්වය ගත්තාම Vijay Deverakonda, Rashmika Mandanna, Subbaraju, Rahul Ramakrishna ලබාදීලා තියනවා. අධ්යක්ෂණය Parasuram.
කතාව කියනවාට වඩා බලලා රසවිදින එක තමයි හොද, එත් කෙටි හැදින්වීමක් කරන්නම්කො, කතා නායකයා තමයි ආකර්ශනීය තරුණ මහාචාර්යවරයා ඔහු නමින් විජේ. ඔහු කොයිවෙලේත් හීන මවමින් ඉන්නවා තමන්ගේ හිතේ ඇදිලා ඉන්න ගෑණු රූපය ගැන, දවසක් මේ රූපේ ඔහු කෝවිලේදී දකිනවා ඉතින් මේ කෝවිලේදී දැක්ක කෙල්ලගෙන් කැමැත්ත අහන්න උත්සහා කලත් ඔහු අසාර්ථක වුණා. දින කිහිපයකට පස්සේ විජේට ඔහුගේ නංගිගේ මගුල් ගෙදරට යන්න වෙනවා. ඒ සදහා ඔහු යන බස් එකේ ඒ තරුණියත් ඉදලා ඔහු ලගින් වාඩිවෙනවා. ඔතනින් පස්සේ තමයි විජේ නොහිතපු දෙයක් සිද්ද වෙන්නේ ඒ සිද්දිය ටිකක් නරක අතට හැරෙනවා. ඉතින් විජේට වෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. ඔහුට එක කරන්න පුළුවන් වෙයිද? තරුණියගේ හදවත දිනාගනිද? එහෙනම් බලන්න ඔයාලත් මොකක්ද මේ කියල.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper True HQ HDRip / HQ HDTV-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.