Andy Nyman, Jeremy Dyson යන දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක ආදායමක් උපයා ඇත. 2018 අප්‍රේල් මස 6 තමයි තිරගතකිරීම් කරලා තියෙන්නේ. IMDb අගය 6.4 යි. Rotten Tomatoes වලට 82% ක කැමැත්ත ලැබී තියෙනවා.
මහාචාර්ය ගුඩ්මන් කියන්නේ අධ්‍යාත්මික වංචාව කියලා රූපවාහිනි වැඩසටහනක් කරන කෙනෙක්. මෙයා හොල්මන් විශ්වාස කරන්නේ නැහැ, ඒත් හොල්මන් ගැන හොයනවා. ඔහු ප්‍රසිද්ධ වෙන්න ඕන කමට භූත ආත්මයන් ගැන බොරු වැඩසටහන් කරනවා. දිනක් ඔහුට චාල්ස් කැමරන් ගෙන් පණිවිඩයක් ලැබෙනවා ඔහුව මුණගැහෙන්න කියලා. ඒ උනත් ඔහු මීට වසර ගානකට කලින් අතුරුදන් පුද්ගලයෙක්. ගුඩ්මන් කොහොමහරි ගිහින් ඔහුව හමුවෙනවා. ඒත් මේ දෙන්නා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා. ඉන් පසු කැමරන් ඔහුට විසදීමට නොහැකි වූ විමර්ශනයන් තුනක් ගුඩ්මන්ට භාර දෙනවා ඔච්චර වැඩකාරයෙක් නම් විසදපන් කියලා. ඉතින් ගුඩ්මන් ඒවගේ තියෙන භායනකම දන්නේ නැතුව ඒ අභියෝගය බාරගන්නවා. එතන ඉදන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. එහෙනම් හැමෝම මේ හොල්මන් චිත්‍රපටය බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.