මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ගොඩ්සිලා කියන භයානක රාක්ෂයෙක් ගැන.ගොඩ්සිලා කිව්වම ඔය කවුරුත් දන්නවා ඇති නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉතින් මේ ගොඩ්සිලා කියන චරිතය පදනම් කරගෙන මේ වනකොට චිත්‍රපට 33ක් නිකුත් වෙලා තියෙනවා.
Godzilla: Planet of the Monsters චිත්‍රපටය ජපානයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විනාඩි 89ක් පුරා දිවෙන මේ කතාව ලියලා තියෙන්නෙ ජපානයේ Gen Urobuchi කියන ලේඛකයා ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේHiroyuki Seshita, Kobun Shizuno කියන අධ්‍යක්ෂකයන් දෙදෙනා. එතකොට මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Toho Animation ආයතනය විසින් ඒ වගේම චිත්‍රපටිය Animation කරලා තියෙන්නෙ Polygon Picturesලා විසින් වැදගත්ම දේ තමා මේකේ ප්රචාරක අයිතිය තියෙන්නෙ Netflix එකට Netflixලා වැඩක් කලොත් දන්නවනේ. එතකොට මේකෙ හඩකවන්නෙ කවුද? ඒ තමයි Mamoru Miyano, Takahiro Sakurai, Kana Hanazawa, Yuki Kaji කියන ජපන් නලු නිලියන්.මේ සලරුව IMDb දර්ශකයේ 6.0 අගයකුත්, Rotten Tomatoes 52% අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා,ඒ වගෙම 92% ක ජනතා කැමත්තකුත් ලැබිල තියෙනවා.එතකොට මේ සලරුව අයත් වෙන්නෙ Sci-fi, Animation, Action කියන categories වලට.
මේ කතාව හරෝ සකාකි කියන කපිතාන් වරයාගේ වටා තමා පදනම් වෙලා තියෙන්නේ.මෙයගෙ පොඩි කාලෙදිම එයාගෙ දෙමව්පියෝ ගොඩ්සිලා විසින් මරලා දානවා.මෙයාගෙ සීයා තමයි මෙයාව අභ්‍යවකාශයට අරගෙන යන්නේ.එදා ඉදලා මෙයාගෙ එකම අරමුන ගොඩ්සිලාව මරලා දල තමන්ගෙ මව් ලෝකය බේරගන්න එක. මෙයා හිරෙත් ඉන්නවා ටික කාලයක් හේතුව ඔයාලම බලන්නකෝ.මෙයාල මේ විදිහට අවුරුදු 20කට පස්සේ නැවතත් පෘතුවියට එනවා මොකද අභ්‍යවකාශයේදී එයාලට තියෙන සම්පත් අඩු වෙනවා වාසයට සුදුසු වෙන ග්‍රහලෝකයක් හොයගන්නත් ඔවුන්ට බැරි වෙනවා. ඉතින් එහෙම එනකොට පෘතුවියෙ අවුරුදු 20,000ක් ගතවෙලා.. ඉතින් මේ කට්ටිය පෘතුවියට ගොඩබායිද?පෘතුවිය සම්පූර්ණයෙන්ම විනශ වෙලාද?තවමත් ගොඩ්සිලා මිහිපිට ඉන්නවද?හරෝට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුලුවන් වෙයිද? ඒ ඔක්කම දැනගන්න මේ චිත්‍රපටය නරබන්නම වෙනවා.
-කවිශල් රසින්ත-
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]