Vijay Milton විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටය සදහා Subiksha, Rohini, Gautham Menon, Krisha Kurup යන නළු නිලියන් රංගනයෙන් දායක වේ. IMDb අගය 8.4 ක් සහ ගුගල් පරිශීලකයින් අතරින් 93%කගේ කැමැත්ත ලැබී ඇත. Drama/Action ගණයට අයත් මේ චිත්‍රපටය 2018 ජුලි 14 තිරගත වූවක්.
බාස්කට්බෝල ගහන්න දක්ෂයෙක් වෙන ඔලි හෝටලයක වැඩ කරන කෙනෙක්. දීපවාලි දිනයට පවත්වන බාස්කට් බෝල තරගයෙන් දිනන දෙන්නෙක්ට රස්සා දෙනව. ඉතින් මෙයාටත් ඕනේ මේ තරගයෙන් දිනලා රස්සාවක් ගන්නයි. තවත් ත්‍රී රෝද රථ රියදුරෙක් ඉන්නවා ශිවා කියලා. මෙයාට ඕන කරලා තියෙන්නේ තමන්ගේම කුලී රථ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. තවත් කෙනෙක් ඉන්නවා මැරයෙක් ලග රියදුරෙක් විදිහට වැඩ කරන කෙනෙක්, මෙයාගේ නම මාරන්. මෙයාට ඕනේ වෙන හොද රස්සාවක් කරලා එයාගේ පෙම්වතිය එක්ක සතුටින් ජිවත් වෙන එක. තවත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් ඉන්නවා නටේෂන් කියලා. එයා දැන් ෆාමසියක් කරගෙන යනවා. ඉතින් මේ අයගේ හීන වලට බාධා කරන්න මෙයාලගේ ජිවිතයට තවත් කෙනෙක් එකතු වෙනවා. ඉතින් ඒ කෙනා කවුද, මේ යාලුවන්ට තමන්ගේ හීන ජයගන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.