Breaking News
Home / All / Gonjiam: Haunted Asylum (2018) Aka Gon-ji-am Sinhala Subtitles | ශාපලත් උන්මන්තකාගාරය සිංහල උපසිරැසි සමඟ

Gonjiam: Haunted Asylum (2018) Aka Gon-ji-am Sinhala Subtitles | ශාපලත් උන්මන්තකාගාරය සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Beom-sik Jeong විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය IMDb දර්ශකයෙහි 6.2ක වටිනාකමක් ලැබී ඇත. මේ චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ වුණේ 2018 මාර්තු 28. සති 3 ක කාලයක් තුල මේ චිත්‍රපටියට ඇ.ඩො. මිලියන 20 කට ආසන්න ආදායමක් උපයලා තියෙනවා. CNN Travel වැඩසටහනට අනුව ලෝකයේ භය හිතෙන තැන් 7 අතරින් එකක් තමයි මේ චිත්‍රපටිය කරලා තියෙන තැන. ඒ තමයි ගොන්ජියම් මානසික රෝහල. කොහොම උනත් මේ ගොඩනැගිල්ලෙ අයිතිකාරයා ගොඩනැගිල්ලෙ වටිනාකම තවත් පහල යන්න ඉඩ තියෙන නිසා චිත්‍රපටියට නඩු දාල තියෙනවා චිත්‍රපටය තහනම් කරන්න කියලා. ඒ උනත් 2018 මාර්තු මාසේ උසාවි නියෝගය අනුව මේ චිත්‍රපටය තිරගත කරන්න අවසර ලැබෙනවා.

මේ ගොන්ජියම් මානසික රෝහල ගැන හුඟක් කටකතා තියෙනවා.එයින් ප්‍රධාන එක තමයි මේ රෝහලේ හිටපු රෝගීන්ව මරල දාල මේකෙ අධ්‍යක්ෂකතුමිය අතුරුදහන් වුණයි කියන එක.තව අය කියනව මේ අධ්‍යක්ෂකතුමිය සේරම ලෙඩ්ඩුන්ව මරල දාලා එයත් බෙල්ලෙ වැල දාගත්තා කියලා.තව කටකතාවක් තියෙනවා මේ රෝහලේ තියෙන 402 කාමරේ දොර අරින්න හදන ඕනෙම කෙනෙක්ට ශාපයක් වදිනව කියලා. මේ දොර කවුරුත්ම ඇරලා නැති උනත්, පාසල් ළමයින් දෙදෙනෙක් වීඩියෝ කරන ගමන් මේ දොර අරින්න උත්සහා කලත් ඒක කරන්න බැරි වෙනවා. ඒත් ලොකු සද්දයක් එක්ක මෙයාලගේ රෙකෝඩ් එකත් නවතිනවා.  මේ දේ නිවුස් වලට දැකලා හොරර් ටයිම්ස් කියන යූ ටියුබ් චැනල් එකේ හා ජුන් මේ තැනට යනවා ඇත්ත හොයන්න හිතාගෙන. ඉතුරු ටික බලන එක ඔයාලට භාරයි.

Gonjiam: Haunted Asylum 2018 Aka Gon-ji-am TrailarGonjiam: Haunted Asylum 2018 Aka Gon-ji-am Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

497 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *