2018 මාර්තු 09 වෙනිදා තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nash Edgerton. Dark comedy, Action ගනයට මේ චිත්‍රපටය අයත් වෙන්නේ. IMDb අගය 6.1 සහ Rotten Tomatoes තුළත් 39% ක අගයක් ලැබී තිබෙනවා. ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 11ක අදායමක් උපයලා තියෙනවා.
හැරල්ඩ් සොයින්කා කියන්නේ තම භාර්යාවගේ අනවශ්‍ය වියදම් නිසා බින්දුවටම වැටුන කෙනෙක්. මෙයා වැඩ කරන්නේ රිචඩ් රස්ක් කියන මෙයගෙ යාලුවෙක්ගේ කම්පැනි එකක. රිචඩ් හදන්නේ කාටත් හොරෙන් කම්පැනිය විකුණලා දාන්න. මේ කිසිම දෙයක් නොදන්න හැරල්ඩ්ට කංසාත් එක්ක ඈඳිලා යන, කම්පැනියේ රහසිගත ගනුදෙනුවක් හොයා ගන්න ලැබෙන්නේ මෙන්න මේ වෙලාවක. සල්ලිත් ඕනේ කරලා තියෙන එකේ, මිනිහා මේකත් එක්ක හරි අමුතු ගේමක් ගහන්න යනවා. ඒ මොකක්ද දැනගන්න මේ චිත්‍රපටය බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.