Hate Story (2012), Hate Story 2 (2014), Hate Story 3(2015) චිත්‍රපට පෙලෙහි හතරවෙනි එක තමයි මේ චිත්‍රපටය. විශේෂයෙන් කියන්න ඕනේ සරාගී දර්ශන රැසක් මේකේ තියෙන නිසා අකමැති අය නොබලා ඉන්න කියලා. Imdb අගයත් 3.3ක් වගේ ලැබිලා තියෙන්නේ. හැබැයි ගූගල් පරිශීලකයන් 73%කගේ ප්‍රසාදය ලබාගන්නනම් මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා. අධ්‍යක්ෂණය දෙවන සහ තුන්වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල විශාල් පාන්ඩ්‍යාගෙන්. රංගනය ඌර්වශී රුටේලා (ටාෂා), ගුල්ෂන් ග්‍රෝවර් ( වික්‍රම් කුරාණා) , කරන් වාහි ( රාජ්වීර්) ,විවාන් බතේනා ( ආර්යන්) , ඉහානා ඩිලන්( රේශ්මා) වගේ පිරිසක්.
ඉන්දියාවේ ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයෙක් වන වික්‍රම් කුරාණාගේ පුතුන් දෙදෙනෙක් ආර්යන් කුරාණා සහ රාජ්වීර් කුරාණා කියන්නේ. රාජ්වීර් කියන්නේ ගොඩාක් ස්ත්රීන්ට කැමැත්තක් දක්වන කෙනෙක්, ඒ වගේම රාජ්වීර් කරන්නෙ වෙලඳ ප්‍රචාරණ කටයුතු. ඉතින් මෙයාට දවසක් ආර්යන් වැඩක් භාරදෙනවා තමන්ට ලැබී ඇති දැන්වීමක. ඉතින් ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.