මේ වසරේ Sundance සිනමා උළෙලේ මෑත කාලයේ නිර්මාණය වුන අතිශය භයානකම සිනමා නිර්මාණය බවට සනාත වුන මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 7.6ක් වැනි ඉහල අගයක් සහ රෝටන් ටෝමාටෝ වල 86%ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Ari Aster. මේ චිත්‍රපටය සදහා Toni Collette, Alex Wolff, Milly Shapiro, Ann Dowd, Gabriel Byrne යන අය රංගනයෙන් දායක වේ. මේකේ 18+ දර්ශන කිහිපයක් තියෙන නිසා අවුරුදු 18 ට වැඩි වැඩිහිටි අය විතරක් බලන එක තමයි හොද, ඒ වගේම මේ චිත්‍රපටය දවල් කාලයේ බලන එක තමයි වඩාත් සුදුසු, එහෙම කියන්න හේතුව ඔස්ට්‍රේලියාව එක්තරා සිනමාශාලාවක වෙනත් චිත්‍රපටයක් අතරතුර මෙම චිත්රපටයෙහි පූර්ව ප්රචාරක පටයක් පෙන්නලා තියෙනවා, ඉතින් ඒ සිනමාශාලාවේ අය මොනතරම් බය උනාද කියනවා නම්, ඔක්කොම දෙමව්පියන් තුෂ්නිම්භූත වෙලා තමුන්ගේ ළමයින් ආරක්ෂා කරගන්න උත්සහ කළා. තවත් සමහරු උදව් අරගෙන එන්න එලියට දිව්වා. ඉතින් පූර්ව ප්රචාරක පටය ඔහොම නම් චිත්‍රපටය කොහොමද කියලා හිතාගන්නකෝ.
ඇනී කියන්නේ සැමියා, වැඩිමහලු පුතා සහ කුඩා දියණිය එක්ක ජිවත් වෙන කාන්තාවක්, ඇයගේ මව මරණයට පත්වෙනවා. නමුත් මේ මරණය ඇයට නම් ලොකුම දෙයක් නෙමෙයි මොකද මව ජීවත්ව හිටිය කාලයේ මොවුන් දෙන්නා අතර ඒ හැටි හොඳ සම්බන්ධයක් තිබිල නැහැ.ඇනීට ජෝන් කියලා කෙනෙක් හම්බවෙනවා. ජෝන් ඇනීට මළවුන් ගෙන්වන ක්‍රමයක් ගැන කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ.ඊට කලිනුත් තව සිදුවීමක් වෙනවා. එක බලන එක ඔයාලට බාරයි. විශේෂයෙන් කියන්න ඕනේ කැමරා කෝණ, සංගීතය, ආලෝක කරණය වගේ දේවල්ම ඇති මේක බලන අයගේ භය දෙගුණ තෙගුණ කරන්න. පරීක්ෂණයක් මගින් ඔප්පු වෙලා තියෙනවා මේක බලන අයගේ හදගැස්ම මිනිත්තුවකර වාර 160 කටත් වඩා වැඩි කරන්න සමත් වෙනවා කියලා. ඉතින් භය හිතෙන චිත්‍රපට බලන්න පුළුවන් අය මේක බලන එක හොදයි, පොඩි දේටත් භය වෙන අය නම් නොබලා හිටියට කමක් නෑ. 😀
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.