Breaking News
Home / All / How It Ends (2018) Sinhala Subtitles | නොසිතු අවසානය සිංහල උපසිරැසි සමඟ

How It Ends (2018) Sinhala Subtitles | නොසිතු අවසානය සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Paul Schiff Productions, සියෙරා / ඇෆිනිටි Netflix සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩේවිඩ් එම්. රොසෙන්ටල්, නිෂ්පාදනය පෝල් ෂිෆ්, තායි ඩන්කන්, කෙලී මැක්ක්රොමික්, පැට්රික් නිව්ල් බෲක්ස් මැක්ලරන් රචිත. මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායකවන්නේ තේඕ ජේම්ස්, වයිට් විටකර්, කැට් ග්රැහැම්, සහ මාක් ඕබ්රියන්. මෙම චිත්‍රපටය සදහා IMDB අගය 5.2/10 ලැබී තිබෙනවා. 

කතාව දිවෙන්නේ විල්,සෑම් ටොම් සහ එයාගේ බිරිද පෝලා අතර කතාව මැදදී රිකි කියල කෙල්ලෙකුත් එනවා. හොදයි කතාව ගැන කියන්නම් මම විල් සහ ටොම් කියන්නේ ආදරවන්තයෝ. කොහොමහරි මේ ගැන ගෙවල් වලිනුත් දන්නවා. විල් සෑම්ගේ තාත්තා හම්බවෙන්න යනවා,විවාහය ගැන කතා කරන්න. කොහොමහරි ඒක හොදින් අවසන් වෙන්නේ නෑ. ටොම් සහ විල් අතර පොඩි කතා බහකුත් යනවා. එච්චර හොද දෙයකුත් නෙවේ,කොහොමහරි විල් චිකාගෝ වල සෑම්ගේ අම්මයි තාත්තයි බලන්න තමයි යන්නේ. රාත්‍රී කෑම වෙලාවේදී ටොම් කියනවා අලුත් ගෙයක් ගන්න එයා උදව් කරන්නම් කියලා. එකට විල් එච්චර කැමති වෙන්නේ නෑ මොකද විල් කියල්ල නීතිඥ කෙනෙක්,එයා හිතනවා,සෑම්ව බලාගන්න එයා ගාව සල්ලි තියෙනවා කියලා.

පස්සේ කොහොමහරි උදේ සෑම් විල්ට ෆෝන් එකෙන් කතා කරනවා කලින් රෑ ලොකු අවුලක් ගියා නේද කියලා. ඊට පස්සේ එකපාරටම සෑම් කියනවා මොකක්හරි දෙයක් වෙනවා කියලා,ලොකු සද්දයක් ඇහෙනවා කියලා. ඊට පස්සේ දුරකථනය විසඳි වෙලා යනවා. සන්නිවේදන කටයුතු විනාශ වෙලා යනවා. චිකාගෝ ගුවන්තොටුපල වහලා දානවා,විල් සියැටල් වලට යන්න හදනකොට එකත් ගුවන් යානා කල් යනවා.මොකහරි දෙයක් සිද්ධ වෙනවා. සෑම් ඉන්නේ ලොස් ඇන්ජලිස් වල ඒ කියන්නේ බටහිර පැත්තේ. ටීවී නිවුස් හැම එකකම වගේ කියනවා බටහිර පැත්තට වෙන්න භූමිකම්පාවක් වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ විල් යන්න තැනක් නැති නිසා ටොම්ව හම්බවෙන්න යනවා. එතකොටත් විදුලිය වගේම දුරකත, සන්නිවේදන කටයුතු ඔක්කොම වැඩ කරන්නේ නැතිව යනවා,ඒ අතරේ අහසේ F-22 ජෙට් යානා පියාසර කරනවා. ඒ එන්නේ හොදකට නෙවේ කියලා ටොම් කියනවා. පෝලෝ ඒ කියන්නේ සෑම්ගේ අම්මා එයාගේ පුතාගේ ගෙදර නවත්තලා. ටොම් සහ විල් සෑම්ව හොයන්න බටහිරට යන්න පිටත් වෙනවා. කතාවේ මුල් ටික මම ඔයාලට කිව්වා. ඉතිරිය ඔයාලට බාර කරනවා, Netflix සමාගමෙන් තමයි මේක හදලා තියෙන්නේ ටිකක් අමුතුම කතාව. හරියටම කියන්න බෑ අන්තිමට මොකක් වෙයිද කියලා. නොසිතු අවසානය ඔයාලට බාර කරනවා.

-රෂීන් මන්සිල්-

How It Ends (2018) TrailarHow It Ends (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාල වේ.

212 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *