Breaking News
Home / All / I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම සිංහල උපසිරසි

I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම සිංහල උපසිරසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

ඇමරිකාවේ නිෂ්පාදනය වුන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Scott Speer විසින් කරලා තියනවා. 2018 ඔක්තෝබර් 12 තමයි තිරගත වෙලා තියෙන්නේ. IMDB අගය 5.7 ක් ලබාගෙන තියනවා. ඒ වගේම රංගන දායකත්වය ගැන කිව්වොත් Jason Fuchs, Bella Thorne, Dermot Mulroney සහා THE 100 කතාමාලාවේ මර්ෆිගේ චරිතයට පණ පොවන Richard Harmon ද මෙහි දක්නට ලැබෙනවා.

කතාව මෙහෙමයි අවසර නොලත් රහසේ සිදුකරන ලද විකිරණ පරීක්ෂණයක් නොසිතු ලෙස පිපිරීමකට ලක් වෙනවා ඉතින් මේ පිපිරීමත් සමග ඒ අවට ගම්මානයේ මිනිසුනේ ජීවිතය වෙනස් කරනවා. විතරක් නෙවෙයි ඒ පිපිරුමෙන් ආවරණය වුන සියල්ලෝම මිය යනවා. මේ ආකාරයට මිය ගියත් ඔවුන්ගේ අවතාර තවමත් ප්‍රදේශය පුර සැරිසරනවා. හරියට මනෝකාය වගේ හැමතැනම සැරිසරනවා. මේ අවතාර වලින්කිසිම කෙනෙක්ට හානියක් නම් වුණේ නෑ. මිනිස්සුන්ට ඒ අවතාර පෙනිලා නොපෙනිලා යන තත්වයක තමයි තිබ්බේ. ඉතින් මේ කතාවේ වීරවරිය වෙන්නේ වෙරෝනිකා කර්ඩ්ල්. ඇයගේ පියාත් මේ පිපිරුමට මුහුණ දුන්නා. ඉතින් වෙරෝනිකා කර්ඩ්ල් කෑම මෙසේ තුල ඉන්නකොට පියව දකින්න ලැබුනත් ඇයට එක සාමාන්‍ය දෙයක් වුනා.  නමුත් දවසක් ඇයගේ නානකාමරය තුලින් ඔහු කිසිදා නොදුටු පිරිමි අවතාර රුවක් දකිනවා. ඒ රුව ඇයට කරදරයකට මුහුණපාන්න වෙන බව අනතුරු අගවනවා. ඉතින් මේ නිසාම ඇය හොයන්න ගන්නවා මේ අවශේෂ අවතාර ගැන. ඔහොම හොයනකොට අතුරුදහන් විම් 10 ක් පමණ සිදුවෙලා තියනවා. ඒ හැම එකක්ම මේ වෙරෝනිකා කර්ඩ්ල්ගේ උපන් දිනේ දවසේමයි. ඉතින් ඇයි මේ අතුරුදහන් වීම් ඇගේ උපන් දිනේට සම්බන්ද වුනේ? ඒ වගේම මොකක්ද ඇයට තිබෙන අනතුර කියන සියල්ලටම උත්තර හොයන්න නම් මේ ෆිලම් එක බලන්න වෙනවා. මේ ෆිල්ම් එක අවසානය වෙනකන්ම අපේ කුතුහලය අවුස්සනවා.

I Still See You 2018 TrailarI Still See You 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

85 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *