19 වැනි ශත වර්ෂයේ අවසානය වෙනකොට මිනිස්සු ගොඩාක් උනන්දුයි දැවැන්තයින් එහෙම නැත්තම් ඩයිනොසරයින් ගැන. Michael Crichton කියන ලේඛකයාගේ මුලිකත්වය නිසා මේ දැවැන්තයින් ගැන සත්‍ය තොරතුරු ජනතාව අතරට පත් උනා, ඉතින් කවුරුත් දන්න කියන ජුරාසික් පාක් එක මෙයාගේ සංකල්පයකට අනුව 1990 දි ලියපු පොතක්, පොතේ නම ඉතින් Jurassic Park. ඉතින් 1993 දී ස්පිල්බර්ග් තමයි Michael Crichton ගේ මේ කෘතිය ඇසුරින් ජුරාසික් පාක් චිත්‍රපට මාලාව නිර්මාණය කලේ.
ඊට පස්සේ The Lost World: Jurassic Park (1997) සහ Jurassic Park III (2001)නමින් දැවැන්ත සිනමා නිර්මාණ තුනක් අපිට අරගෙන එනවා. 2015 දි නැවතත් ජුරාසික් උද්‍යානය එලි දකිනවා ඒ අති සාර්ථක Jurassic World (2015)නමින්. එහි දෙවැන්න මේ අවසරේදී එලි දකිනවා. ඒ Jurassic World: Fallen Kingdom (2018) නමින්. බලන්න මුල් ෆිල්ම් තුනේ නම් තුනෙයි අලුත් ෆිල්ම් තුනේ නම් දෙකයි සමානකම. (Jurassic Park 1993 සහ Jurassic World 2015 / The Lost World: Jurassic Park 1997 සහ Jurassic World: Fallen Kingdom 2018 ) ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ පිළිවෙල අනුව Jurassic World III කියල එකක් එන්න ඕනා. ඔව් එනවා 2021 දි ජුරාසික් පාක්හි දිගුව ජුරාසික් වර්ල්ඩ් III නිකුත් වෙනවා. පළමු සිනමා නිර්මාණයේ නිමැවුම්කරුවා, ස්ටීවන් ස්පිල්බර්ග් මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වෙනව. ඉතිං මේක රි-මේක් එකක් නෙමේ, මුල් කතාවේම දිගුවක්. ජුරාසික් පාක් එක විනාශ උනාට පස්සේ තමා ආරක්ෂිතව ජුරාසික් වර්ල්ඩ් එක පටන් ගන්නේ. ඒ අවුරුදු 20කට පස්සේ. ගිය සැරේ දකින්න ඇතිනේ ආරක්ෂාවට මොකෝ උනේ කියල. ඉතිං මෙදා සැරේ කතාව වෙන්නේ ඒ දේ වෙලා අවුරුදු හතරකට පස්සේ ජුරාසික් ලෝකයෙ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ආරක්ෂිතව බේරගන්න එක. ජුරාසික් පාක් එකේ හිටිය විද්‍යාඥයෙකුත් මේකේ නැවත කල එලි බහිනව දැකගන්න ලැබෙයි. [ඩොක්ටර් හෙන්රි වූ]. හරියටම කිව්වොත් ජුරාසික් පාක් 1993 ෆිල්ම් එකේ මුල් පැය බාගය ඇතුලේ අනාගතේදී වෙයි කියල කතාවෙන දේ තමයි මේ වෙන්නේ.
ඉතින් මම කතාව කියනවට වැඩ ඔයාම ෆිල්ම් එක බලල තීරණය කරන්න මොකක්ද සිද්ද වෙන්නේ කියල 😀
මේ දීලා තියන උපසිරැසිය ගැලපෙන්නේ HDTS XViD ETRG කොපියට විතරයි.ඒ වගේම මේක ඇවිල්ලා HDTS කොපියක්. V:7 A:7 වගේ කොලිටියක් තමා තියෙන්නේ.
Due to copyright issues, We do not provide any torrent links.
HDTS XViD AC3 ETRG
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා පමණක් ලබා දි ඇත
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]
Wow Super