රන් සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා ඇති මේ චිත්රපටයෙහි අධ්යක්ෂකවරයා වන්නේ Rishab Shetty. තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ 2016 දෙසැම්බර් 29. බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඉන්දියානු රුපියන් බිලියන එකහමාරක් වගේ ලොකු අදායමක් උපයලා තියෙනවා. IMDb අගය 8.6 ක් වගේ විශාල අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම 90% ක ගුගල් පරිශීලකයින්ගේ කැමැත්ත ලැබී තියෙනවා. දැන් හිතාගන්නකෝ මේ චිත්රපටය මොනතරම් සුපිරි ඇත්ද කියලා.
කැම්පස් එකක කොල්ලෝ සෙට් එකකගේ කතාවක් මේ චිත්රපටයේ තියෙන්නේ. යාලුවෝ සෙට් එකක් එක්ක කැම්පස් එකේ පලවෙනි වසරේ ඉගෙනුම ලබන කෙනෙක් තමයි කර්ණා කියන්නේ. මෙයා ටිකක් දඩබ්බර කෙනෙක්. ඒ වගේම මේ කැම්පස් එකේ හතරවෙනි වසරේ කෙල්ලෙක් ඉන්නවා සාන්චි කියලා. හැම කොල්ලම මේ සාන්චි ගේ පස්සෙන් යනවා. කර්නා ත් මෙයාගේ පස්සෙන් යනවා. ඒත් සාන්චි මේ කාටවත් කැමති නෑ. කොහොම හරි කර්නා සාන්චිගේ ගෙදර තියෙන තැනයි, නම්බර් එකයි හොයාගන්නවා. කොහොමහරි මේ දෙන්න ටිකෙන් ටික ලංවෙනවා. සාන්චිගේ කැම්පස් එකේ අන්තිම දවසට කලින් දවසේ කේදවාචකයක් සිද්ද වෙනව. ඉතින් ඒ මොකක්ද, ඊට පස්සේ වෙන දේවල් එහෙම ඔයාලම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.