මේ චිත්‍රපටය තිර රචනය වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Merlapaka Gandhi විසින්. තෙලිගු සිනමාව සුපිරි නළු Nani වගේම Anupama Parameshwaran, Rukhsar Dhillon රංගනයෙන් දායකවෙනවා. මේ චිත්‍රපටය සදහා IMDB අගය 5.7 ලැබී තියෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ 2018 අප්‍රියල් 13 ඇමරිකාවේදී. කතාව පුරාවට සටන් වගේම විහිළු ජවනිකා විශාල වශයෙන් ඇතුලත් වෙනවා කියුවොත් නිවැරදි.
මේ කතාවේදී නානි ක්‍රිශ්ණා සහ අර්ජුන් යන චරිත දෙකම සිදු කරනවා. ක්‍රිශ්ණා කියන්නේ කුඩා ගමක හැදුනු විනෝදයට බර කෙනෙක්, ඒ වගේම චන්ඩියෙක් කියන්නත් පුළුවන්. මෙයා හැමදාම කෙල්ලෙක් යාළුකරගන්න හැදුවත් කවදාවත් කෙල්ලෙක් නම් මෙයාට කැමති උනේ නෑ. නමුත් අර්ජුන් මෙයාගේ අනිත් පැත්ත, අර්ජුන් කියන්නේ යූරෝපේ ඉන්න රොක් ගායකයෙක්. ඉතින් මෙයාට කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ, සල්ලිත් ඕන තරම් තියෙනවා. ඉතින් මේ දෙන්නම කෙල්ලෝ දෙන්නෙක්ට පිස්සුවෙන් වගේ ආදරය කරන්න පටන් ගන්නවා. ක්රිශ්ණාට නම් කොහොමහරි කෙල්ල සෙට් වෙනවා, ඒත් අර්ජුන්ට නම් ඒ වැඩේ ලෙහෙසි වෙන්නේ නැ. මොකද එයාගේ කෙල්ල ටිකක් ආඩම්බරයි, අනික අර්ජුන්ට කෙල්ලොත් වැඩිනේ ඒ කාලේ. කොහොම හරි අර්ජුන්ගේ කරදරයෙන් බේරෙන්න හිතාගෙන කෙල්ල යනවා හයිද්‍රාබාද්. ක්රිශ්ණාට වෙන්නෙත් ඒ වගේම වැඩක් කෝම හරි ක්‍රිෂ්ණගේ හුටපටය ගමේ ආරච්චිට (ගමේ ආරච්චි තමයි ක්‍රිශ්ණාගේ කෙල්ලගේ සියා) මාට්ටු වෙලා කෙල්ලව යවනවා හයිද්‍රාබාද්. එහෙදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීය සදහා රට පටවන්න හිතාගෙන මේ ගැණු ලමයි දෙන්නව උස්සනවා හොර ජාවාරම් කරයෝ සෙට් එකක්. කතාව ගැන විස්තර ගොඩක් කියුවා. ක්‍රිශ්ණා සහ අර්ජුන් ට තමන්ගේ ආදරය ලැබෙයිද? කෙල්ලෝ දෙන්නට මේ ජාවරම්කාරයෝන්ගෙන් බේරෙන්න පුලුවන්වෙයිද? චිත්‍රපටය බලලා මේ දේවල් දැනගන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා ගැළපේ
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]