වැඩිහිටියන්ට පමණක් සීමා වූ මේ ෆිල්ම් එක රුසියන් එකක්. මේකේ IMDB අගය 7.7 ක් ඉහල අගයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි සම්මානලාභී චිත්‍රපටයක් මෙන්ම රටවල් ගණනාවක තිරගත වුණා. අසම්භාව්‍ය සිනමා අධ්යක්ෂණ Andrey Zvyagintsev විසින් නිර්මානය කරලා තියනවා. Maryana Spivak, Aleksey Rozin, Matvey Novikov, Marina Vasilyeva, Andris Keišs රංගනයෙන් දායක වෙලා තියනවා.
කතාව හැදින්වුවොත් කුඩා දරුවෙකු දෙමව්පිය ගැටුම් හමුවේ විදින පීඩාව තමයි ඉස්මතු කරන්නේ. නොගැලපෙන විවාහයක කටුක නීරස බව හා තම ලෙයින් ඉපදුනු දරුවාගේ අතුරුදහන් වීම මොවුන් කෙසේ විසදා ගනීද. නිරුපද්‍රිතව නැවත දරුවා ලැබෙයිද? මෙහි අබිරහස කුමක්ද කියලා බලලා හොයාගන්නකෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.