Breaking News
Home / All / Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස සිංහල උපසිරැසි සමඟ

Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

ඩු-කුයි කියන්නේ බොහොම දක්ෂ නීතීඥයෙක්. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. ඉතින් තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ සමාගමේ නීතිමය ආරවුල් විශාල සංඛාවක් ජයග්‍රහණය කරදීලා, මේ ඖෂධ සමාගමේ විශ්වාසවන්තම සේවකයෙකු බවට පත්වෙන්න ඩු-කුයිට හැකියාව ලැබෙනවා.

සමාගමේ 65  වන සංවත්සරයට සමගාමිව මේ සමාගමේ සභාපතිවරයා වෙනස් වෙනවා. මේ උත්සවයට සභභාගී වූ ඩු-කුයි රාත්‍රී නින්දට ගොස් අවදි වන අවස්ථාවේ ඔහි දුටුවේ තරුණ වයසේ පසුවෙන සුරූපී තරුණියක්ව තමන්ගේ ඇඳේම එහා පැත්තේ මරල දාල ඉන්නවා. ඇය මරලා දාල තිබුන පිහියත් තමන්ගේම අතේ තමයි තිබුනේ නම්.  ඒ වගේම ජීවිතේට කිසිම දවසක නොදැකපු, ගෙදර මෙහෙකාරිය කියාගත්ත ගැහැනියක් ඇවිල්ලා කියනවා, මේ තරුණියව මැරුවේ ඩු-කුයිමයි කියලා. කොහොම නමුත් මේ මරණය සම්බන්දව හැම චෝදනාවක්ම එල්ල වෙන්නේ ඩු-කුයි ට. සැබවින්ම ඔහු මේ තරුණියව ඝාතනය කළාද? පෙර දින රාත්‍රියේ සිදුවූ කිසිඳු දෙයක් ඔහුගේ මතකයට නොපැමිණෙන්නේ මන්ද? නොකළ වරදකට ඔහුව පටලවමින්, ඔහුව මරණයට පත් කිරීමට මාන බලන්නා වූ වංක පොලිස් නිලධාරියා කවුරුන්ද? මේ සම්බන්දයෙන් ඩු-කුයි ගන්නේ මොනවගේ ක්‍රියාමාර්ගයක්ද ? සැබෑ මිනීමරුවා සොයා ගැනීම සඳහා ඩු-කුයි පසුපස හඹා එන්නා වූ, සටන් කළාවේ අති දක්ෂ, බුද්ධිමත්, නිර්භීත පොලිස් නිලධාරීයා කවුරුන්ද? වසර තුනකට පෙර තම පෙම්වතාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා වෙහෙසෙන තරුණිය කවුරුන්ද? අවි ආයුධ හැසිරවීමේ සහ සටන් කළාවේ අතිශය ප්‍රවීණයන් වන, අනුකම්පා විරහිත දරුණු කුලී ඝාතක තරුණියන් දෙදෙනෙකු විසින් රැගෙන එන්නා වූ මරණයේ පණිවිඩයෙන් ගැලවී යෑමට ඩු-කුයි හට අවස්තාව ලැබේවිද? මේ හැමදේටම පිළිතුරු චිත්‍රපටය පුරාවටම තියෙනවා.

2017 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා නිළ වශයෙන් නිකුත් වෙච්ච මේ සිනමා නිර්මාණය, චීනයජපානය සහ හොං-කොං යන රටවල් තුනේම දායකත්වය මත නිෂ්පාදනය වෙච්ච දැවැන්ත චිත්‍රපටයක්. චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ, Hanyu Zhang විසින්.2018 වර්ෂයේ දැනට දෙවැනි වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට හිමිකම් කියමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට මාසයකටත් අඩු කාල සීමාවක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්වමා යමින් ආදායම් වාර්තාවක් හිමිකරගෙන තිබෙනOperation Red Sea චිත්‍රපටය තුල පවා ප්‍රධාන චරිතයක් සඳහා පණ පොවන රංගන ශිල්පියෙක් තමයි මේ Hanyu Zhang කියන්නේ.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Chi bi (2008) AKA Red Cliff වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ සමගින් අධ්‍යක්ෂණයන් 42ක්, නිෂ්පාදනයන් 35ක්, තිර රචනයන් 27ක් සඳහා සහභාගී වී සිටින, සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, රචකයෙක් සහ රංගන ශිල්පියෙක් වන John Woo විසින්.ඒ වගේම, IMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගැනීමට සමත්කම් දක්වා තිබෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ, ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි දැවැන්ත මුදලක් විය පැහැදම් කරමිනුයි.

ඉතින් ක්‍රියාදාම සහ කුතුහලය මුසු චිත්‍රපට බලන්න කැමැත්තක් දක්වන හැමදෙනාම මේ චිත්‍රපටය අනිවාරයෙන්ම බලන්න.

Manhunt (2017) Sinhala SubtitlesManhunt (2017) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2652 Downloads

Check Also

Rabid (2019)

Rabid (2019) Sinhala Subtitle | පරිවර්තනයේ අතුරුපල සිංහල උපසිරසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Jen Soska, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *