Thriller/Crime කාණ්ඩ වලට අයත් වන මේ චිත්රපටයෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Clive Tonge. 2018 සැප්තැම්බර් 6 තමයි තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. IMDb අගය 5.1 ක් සහ ගුගල් පරිශීලකයින්ගේ 82%කගේ කැමැත්ත ලබා ගන්නට සමත්වී තියෙනවා. රංගනය දක්වන නළු නිලියන් කිහිපදෙනෙක් ලෙස Olga Kurylenko, Javier Botet, Melissa Bolona, Gia Skova, Craig Conway හදුන්වන්න පුළුවන්.
සොෆී කියන්නේ අවුරුදු 8ක් වයස පුංචි ගැහැණු ළමයෙක්, දවසක් රෑ එයාගේ අම්ම යටගිරියෙන් කෑගහනවා, බලද්දී එයාගේ තාත්තාගේ බෙල්ල කපලා මරලා දාල. චිත්‍රපටය පටන් ගද්දිම පෙන්නන්නේ ඔය ටික. කොහොම හරි ඔය මරණය ගැන පර්යේෂණ කරන්න එන මනෝවෛද්‍ය වරියට අමුත ආකාරයේ සිද්ධීන් වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. මැරුණ සොෆී ගේ තාත්තාගේ ඇස් රතු වෙලා තිබුනේ. මේ වගේ ගොඩාක් අයට වෙලා තියෙනවා. ඉතින් මේ පුදුම සහගත මරණ කොහොමද වෙන්නේ, ඒවාට පිළිතුරු හොයන්නේ කොහොමද කියලා බලන්නකෝ. සුපිරි ෆිල්ම් එකක් මේක.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.