අතුරුදහන් උන පුංචි ගැහැණු දරුවෙක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ, කුතුහලය, ත්‍රාසය කතාව පුරාවටම තියෙනවා කියුවොත් නිවැරදි. කතාව බලාගෙන යද්දී ඔයාට හිතෙයි ඊළගට වෙන්න යන්නේ මොකක්ද කියල, එත් තව ටිකක් ඉදිරියට බලද්දී හිතෙයි නෑ නෑ මෙහෙමයි වෙනවා ඇත්තේ කියලා, අයෙත් ටිකක් බලාගෙන යද්දී ඊළගට වෙනදේ ගැන තව තව ඒවා හිතෙයි. එත් ඔයාට හිතෙන හැමදේම නෙමෙයි වෙනමම දෙයක් තමයි අවසානෙදි සිද්ද වෙන්නේ. මොකද ඒ තරමටම මේ ෆිල්ම් එක කුතුහලය පිරිච්ච එකක්. ෆිල්ම් එක බලාගෙන යද්දී එපා වෙන්නේ, කම්මැලි හිතෙන්නේ, නිදිමත එහෙම එන්නෙම නෑ 😀 එච්චරටම කතාව ලස්සනයි.
කතාව ගැන ඊට වැඩි විස්තරයක් කියන්නේ නැහැ. ඔයාම බලන්න මේක මොන තරම් කුතුහලය පිරිච්ච ෆිල්ම් එකක්ද කියල.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mukul Abhyankar. Tabu, Manoj Bajpayee සමගින් Annu Kapoor රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මෙහි සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ M. M. Kreem විසින්. මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2018 අප්‍රේල් මාසෙ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]