Breaking News
Home / All / Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප කරමි සිංහල උපසිරසි සමඟ

Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප කරමි සිංහල උපසිරසි සමඟ

2018 ජූූනිි මස පවැත්වුනු NBT Utsav Awards සම්මාන උලෙලේදී Alia Bhatt මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය ලබා ගත්තා. ඒ වගේම Indian Film Festival of Melbourne හි හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ශනය සහ හොඳම නිලිය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා. කෝටි 35ක වියදමින් නිපදවුනු මේ චිත්‍රපටිය දැනට කෝටි 193 ක ආදායමක් ලබා 2018 බොක්ස් ඔෆිස් වාර්තා අතර 5 වන ස්තානයේ රැඳී තිබෙනවා. ඒ වගේම කාන්තා චරිතයක් ප්‍රධාන කරගත් චිත්‍රපටි අතරින් මුල් ස්තානයක සිටිනවා.

ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම යුද්දයක් බවට සඳහන් වෙනවා. 1971 දෙසැම්බර් 16 වෙනිදා ධකා හිදී ගිවිසුම් අත්සන් කර පාකිස්තානය ඉන්දියානු හමුදාවට යටත් වෙනවා වගේම ඉන්දියාව යුද්දය ජයග්‍රහනය කරනවා. ඒ වගේම නැගෙනහිර පාකිස්තානය බංගලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා.

Meghna Gulzar ගේ අධ්‍යක්ශනයෙන් Vineet Jain, Karan Johar, Hiroo Yash Johar, Apoorva Mehta ගේ නිශ්පාදනයෙන් මේ චිත්‍රපටිය එලියට එන්නෙ 2018 මැයි මාසෙ 11 වෙනිදා.Harinder Sikka ගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචිත Calling Sehmat නම් කෘතිය පාදක කරගත් මේ කතාවෙ Alia Bhatt සමගින් Vicky Kaushal, Rajit Kapur, Shishir Sharma, සහ Jaideep Ahlawat රංගනයෙන් දායක වෙනවා. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ Shankar–Ehsaan–Loy විසින්. ගි පද රචනය Gulzar. ගීත ගායනයෙන් Arijit Singh, Harshdeep Kaur, Vibha Saraf, Satyajeet Jena Shankar Mahadevan සහ Sunidhi Chauhan එක් වෙනවා.

-දහරා මුතු අමා-

Raazi (2018) TrailarRaazi (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.

1314 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply