Remo D’Souza විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙම චිත්‍රපටය Race චිත්‍රපට මාලාවේ තුන් වැන්න වේ. මෙහි ප්‍රධාන චරිත සදහා Salman Khan, Bobby Deol,Anil Kapoor, Jacqueline Fernandez, Daisy Shah යන අය රංගනයෙන් දායක වේ. 2018 ජුනි 15 දින සිට තමයි තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 303 ක බොක්ස් ඔෆීස් ආදායමක් තියෙනවා.
කතාව කෙටියෙන් මෙහෙමයි, වෙනත් රටක ජිවත් වන ආයුධ ව්‍යාපාර කරන්නෙක් තමයි ශම්ශේර් සිං කියන්නේ. සංජනා සහ සූරාජ් කියන්නේ මෙයාගේ නිවුන් දරුවන් දෙදෙනා. ශම්ශේර් සිං ගේ අයියගේ පුතා තමයි සිකන්දර් සිං, ශම්ශේර් සිං ගේ බිරිඳ සුමිත්‍රා සිං ඒ කිව්වේ සිකන්දර් සිං ගේ අම්මා, තමන්ගේ අයියා මැරුණට පස්සේ ශම්ශේර් සිං අයියගේ බිරිඳ සුමිත්‍රා සිංව විවාහ කරගන්නවා. කොහොම උනත් මේ සහෝදරයෝ තුන්දෙනා කිසිම එකමුතුවක් නම් නෑ. ඉතින් සංජනාටයි සූරජ් ටයි වයස අවුරුදු 25 ලැබුවට පස්සේ අම්මගේ අන්තිම කැමැත්තෙ හැටියට සංජනාටයි,සූරජ්ටයි දේපල වලින් 50% ක් එක්කෙක්ට 25% ගානේ සිකන්දර් ට විතරක් 50% ක් තනි අයිතියට ලියලා තියෙනවා කියලා දැනගන්නවා. ඉතින් මෙයාලගේ තරහා තවත් වැඩි වෙනවා. ඒ අතරේ ශම්ශේර් සිං ගේ යාලුවෙක් එනවා. ශම්ශේර් සිං ගේ හිතේ ආශාවක් තියෙනවා තම පවුල පිටින්ම තමන් හැදුනු වැඩුනු ගමට ආපහු ගිහින් ජීවත් වෙන්න. ඉතින් මෙයාගේ යාලුවා එකට පොඩි උපායක් කියලා දෙනවා. ඔන්න ඔතනින් එහාට මොනවගෙන් මොනවා වෙයිද කියලා බලන එක ඔයාලට බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.