මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් විසින්. ඒ වගේම රංගන දායකත්වය ලබා දෙන්නේ Tye Sheridan, Olivia Cooke, Ben Mendelsohn නළු නිලියන් විසින්. IMDb අගය 7.8ක් ලබාගෙන තිබෙනවා.
කතාව ගැන කියනවානම් 2045 දී ලෝකය දූෂිත, අවලස්සණ කොන්ක්‍රීට් සහ යකඩ වලින් යටවුන තැනක් වෙලා තියෙන්නේ. ඒත් මෙහි මිනිසුන්ට කෙම්බිම (Oasis) නම් තැනක් තියෙනවා. ඒ කියෙන්නේ මේතන අතථ්‍ය යථාර්ථ (Virtual Reality) අවකාශයක්. ඉතින් මිනිසුන් සැබෑ ලෝකයට වඩා කාලය ගත කරන්නේ මේ අතථ්‍ය යථාර්ථ ලෝකය ඇතුලෙ. මේ සත්‍ය නොවන ලෝකය ඇතුලේ තාක්ෂණය තුලින් සියලුම දේ නිර්මාණය කරලා තියෙනවා. මේ කෙම්බිමේ නිර්මාතෲවරයා විසින් තරගයක් නිර්මාණය කරලා තියෙනවා. හැමකෙනාම දගලන්නේ මේ තරගය ජයගන්න. ඉතින් මේ තරගය මොකක්ද? එක ජයගන්න කෙනාට ලැබෙන වටිනා ත්‍යාගය කුමක්ද? මෙහි කතානායකයාට මේ තරගයේදී එන කරදර බාධක මොනාද? මෙයාගේ උදවුවට ඉන්නේ කවුද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු නම් තියෙන්නේ මේ චිත්‍රපටිය ඇතුලේමයි.
Due to copyright issues, we do not provide any torrent links.
Subtitles