2018 ජුලි 12 තිරගතවීම් ආරම්භ කල මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ Ajay Bhupathi. ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල මේ චිත්රපටය කරලා තියෙන්නේ. IMDb අගය 7.4 වගේ ඉහල අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. මෙහි ප්රධාන චරිත රගදක්වන්නේ Kartikeya සහ Payal Rajput විසින්.
කතාව මෙහෙමයි වෙන්නේ, මෙහි ප්රධාන චරිතය වෙන්නේ ශිවා. ශිවාට දෙමවුපියෝ නැහැ. එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක් මෙයාව හදාගෙන තියෙන්නේ. එයාට හැමෝම කියන්නේ ඩැඩි කියලා. ඉතින් මේ දෙන්නා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව ආරම්භයේ ශිවා විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක් වෙන කෙනෙක්ට ගහන්න පන්නනවා. එයාට ගහපු නිසා ශිවාව පොලිසියට ගෙනියනව. ඩැඩී මෙයාව බේරගෙන ගමෙන් පිටවෙන්න කිවුවට මෙය එකට අකමැති වෙනවා. එකට හේතුව ශිවා ඉන්දු කියලා කෙල්ලෙක්ට ආදරය කරනවා. එත් ඉන්දු ගේ ගෙදර අය නම් මේකට කැමති නැහැ. ඉන්දුට වෙන විවාහයක් කරලා දෙනවා. විවාහය සිද්ද උනත් ඉන්දු සහ ශිවා අතර තව තව සිද්දී වෙනවා. ඉතින් ඒ මොනවද? මෙයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද? මේ හැමදේටම පිළිතුරු තියෙන්නේ නම් මේ චිත්රපටය ඇතුලෙම තමයි. ගොඩාක් ලස්සන චිත්රපටයක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.