Breaking News
Home / All / Sacred Games S01 E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු සිංහල උපසිරැසි සමඟ (18+)

Sacred Games S01 E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු සිංහල උපසිරැසි සමඟ (18+)

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි. මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්. ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු!

මෙච්චර කාලයක් ලෝකෙන් හැංගිලා හිටපු මේ අපරාධකාරයා එක සැරේටම මතුවෙලා හරිම භයානක අනතුරු ඇඟවීමක් කරනවා. ඒ තමයි දවස් විසිපහක් ඇතුලත මුළු මුම්බායි නගරයම විනසවි එක පුද්ගලයෙක් පමණක් ඉතුරුවන බව.ලැබෙන සුළු සුළු හෝඩුවාවන් ඔස්සේ, තමන්ට ලැබුණු දුරකථන ඇමතුම ලබාදුන් තැනැත්තා සොයමින් පොලිස් නිලධාරී සර්ටාජ් මුම්බායි නගරය පීරනවා. අවසානයේ ඔහුට ගයිතොන්ඩේ නම් අපරාධකරුවා මුහුණට මුහුණ මුණගැසෙනවා. නමුත්, දහසක් ප්‍රශ්න ඉතුරු කරමින්, මුම්බායි නගරය මරු කටට හෙලමින්, පොලිස් නිලධාරී සර්ටාජ් ඇස් පනා පිටදීම ගනේෂ් ගයිතොන්ඩේ නම් වූ වසර ගණනාවක් ලොවෙන් වසං වී සිටි ඒ අතිශය දරුණු සටකපට අපරාධකරුවා සියතින්ම සියදිවි නසාගන්නවා. එතනින් පස්සේ මොකක් වේවිද?

මෙම කතාමාලාව imdb දර්ශකය 9.4 ක් වැනි අති දැවැන්ත අගයක් මෙන්ම, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ලබාගෙන තිබෙනවා. දැන් හිතාගන්න පුළුවන්නේ මේ කතාමාලාව මොනතරම් හොදයිද කියලා.

Sacred Games S01 E02 TrailarSacred Games S01 E02 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

265 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

2 comments

  1. Avatar
    Ashinsa Madubashana

    thanks

Leave a Reply