චිත්රපට බලන ඕනෑම කෙනෙක් දන්නා නමක් තමයි නෙට්ෆ්ලික්ස් කියන්නේ. මුළු ලෝකයම හොල්ලන වැඩක් තමයි මේ සැරේ නෙට්ෆ්ලික්ස්ලා කරලා තියෙන්නේ. ඒ තමයි ලොව දෙවන වැඩිම සිනමා රසිකයින් සිටින ඉන්දියාව තුල ඔවුන්ගේ ප්රථම කතා මාලාව නිෂ්පාදනය කිරීම. ඉන්දීය සිනමා ක්ෂේත්රයේ විශ්වකර්මයන් බඳු වූ අධ්යක්ෂකවරුන් දෙදෙනෙකුගේ දායකත්වය ගෙන නෙට්ෆ්ලික්ස් ආයතනයේ ප්රථම ඉන්දියානු කතා මාලාව ලෙස මෙම කතා මාලාව හදුන්වන්න පුළුවන්. මේ කතා මාලාව කෙතරම් ජනප්රියද කියනවා නම් Rated TV ලැයිස්තුව තුල 26 වන ස්ථානයද, IMDB දර්ශකය 9.4ක් වැනි අති දැවැන්ත අගයක්ද ලබාගෙන තිබෙනවා.
බොලිවුඩ් පුරවරයේ සිටින්නාවූ අති දක්ෂ, සම්මානනීය මෙන්ම ජනප්රියම රංගන ශිල්පින් දෙපලක් වන සායිෆ් අලී ඛාන් සහ නවසුඩීන් සිද්දික් වගේම රාධිකා ආප්තේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි Raman Raghav 2.0, Bombay Velvet, Ugly, Gangs of Wasseypur, Gulaal, Dev D, Black Friday වගේ විශිෂ්ඨ සිනමාවන් අධ්යක්ෂණය කරපු Anurag Kashyap වගේම, Trapped, Lootera, Udaan චිත්රපට අධ්යක්ෂණය කරපු Vikramaditya Motwane අධ්යක්ෂක වරුන් දෙදෙනාම මේ කතාමාලාව සමග එක්කාසු වී තිබෙනවා. එතකොට හිතාගන්නකෝ මේක මොන තරම් ලස්සන නිර්මාණයක් වෙන්න ඇතිද කියලා. අනිත් කාරණය තමයි මේ කතා මාලාව සඳහා පදනම් වෙන්නේ Vikram Chandra විසින් රචනා කරන ලද Sacred Games නම් සම්මානනීය නව කතාව. ඒ වගේම මේ කතා මාලාව කොටස් අටකින් සමන්විත වෙනවා. අද ගෙනත් තියෙන්නේ ප්රථම කොටස, ඉතින් මේක බලලා ඔයාලම තීරණය කරන්නකෝ මේ කතාමාලාව හොදද නැද්ද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]