Breaking News
Home / All / Sathura Adi 3500 (2017) Sinhala Subtitles | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස සිංහල උපසිරැසි සමඟ

Sathura Adi 3500 (2017) Sinhala Subtitles | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Sathura Adi 3500 (2017)

මේ චිත්‍රපටය ගැන කියුවොත් මේක අයත් වෙන්නේ horror, drama ගණයට. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කියන අධ්‍යක්ෂකවරයා, රංගන දායකත්වය දක්වන්නෙ Nikhil Mohan, Iniya, Rahman, Swathi Deekshith කියන නළු නිලියො ටික, සංගීත අධ්‍යක්ෂණය Ganesh Raghavendra සංගීත අධ්‍යක්ෂකවරයාගෙන්, Dhuruvangal Pathinaaru, Pagadi Aattam, Oru Mugathirai වගේ ඉතා සාර්ථක චිත්‍රපටි වලට ප්‍රධාන රංගනයෙන් දායක වුන Rahman මේ චිත්‍රපටියේ පොඩි චරිතයකට සම්බන්ධ වෙලා තියෙනවා. මේක 2017 වසරේ නිකුත් උන සුපිරිම චිත්‍රපටයක් කියුවොත් නිවැරදි.

කතාව ගැන කියනවා නම් ගොඩනැගිලි ඉදිකරන්නෙක් වන ස්ටීවන් කියන සිවිල් ඉංජිනේරුවා තමන් ඉදිකරමින් තිබු තට්ටු 11කින් යුක්ත ගොඩනැගිල්ලක එල්ලිලා මැරිලා ඉන්නවා. ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ. බොහෝ දෙනෙක්ගේ විශ්වාසය අනුව ස්ටීවන් ගේ හොල්මන මේ ගොඩනැගිල්ලේ සැරිසරන බවට කතාවක් පවතිනවා. කොහොම නමුත් මේ මරණය දිවිනසාගැනීමක්ද, මිනීමැරුමක්ද කියල පරික්ෂා කරල විසඳන්න භාරවෙන්නෙ උප පොලිස් පරික්ෂක කරුණට. මේ උප පොලිස් පරික්ෂක කරුණත් ස්ටීවන් ගේ අවතාරය කිහිප වතාවක්ම දකිනවා. කොහොම නමුත් ස්ටීවන්ගේ මරණය මිනීමැරුමක් බවට සැක කරන කරුණා පරීක්ෂණ කරන අතරතුර නොසිතු බොහෝ දේවල් දැකීමට සහ ඒවාට මුහුණදීමට සිදුවෙන අතර අවසානයේ මේ කතාව කොහෙන් කොහොම කෙලවර වෙනවද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මේ කතාව මන් ඉතාම කෙටියෙන් තමයි කියුවේ, කතාව ඇතුලේ ගොඩක් දේවල් සිද්දවෙනවා, විහිළු කෑලිත් ගොඩක් තියෙනවා.කොහොම වුනත් මේ අභිරහස් මිනිමැරුම කරුණට විසඳන්න පුළුවන් වෙයිද? ඇත්තටම ස්ටීවන්ගෙ අවතාරෙ සැරිසරනවා කියල පැතිරෙන කටකතා වල තේරුම මොකද්ද? කියන දේ වලට පිළිතුරු චිත්‍රපටියේ අන්තර්ගත වෙන හින්දා ඒක බලලම දැනගන්න කියල ඉල්ලීමක් කරනවා.

Sathura Adi 3500 (2017) TrailarSathura Adi 3500 (2017) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

157 Downloads

Check Also

Ever After (Endzeit) (2019)

Ever After (Endzeit) (2019) Sinhala Subtitle | සොම්බි වසංගතය සිංහල උපසිරැසි සමග

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Carolina Hellsgård …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *