2018 ජනවාරි 21 තිරගත වුන මේ ෆිල්ම් එකේ IMDB අගය 7.8 ක ඉහල අගයක් වාර්තා කරලා තියනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Aneesh Chaganty විසින්. රංගන දායකත්වය John Cho, Debra Messing, alex යන නළුනිළියන් ඇතුලත් වෙනවා.
ගෝලීයකරණයත් සමග ඉදිරියට යන තාක්ෂණය මිනිසා දිනෙන් දින දියුණුවට ගෙන යනවා. ඉතින් මේ ෆිල්ම් එකත් ඒ හා සම්බන්දයි මොකද කිව්වොත් හැම මතකයක්ම පොතක ලියලා තියාගන්න කාලේ යල් පැනලා තියෙන්නේ සියලු මතකයන් පරිගණකගත කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ඉන්නවා ආදරණිය තාත්තා කෙනෙක් ඔහුට ආදරණිය බිරිදක් මෙන්ම ආදරණිය දියණියක්ද ඉන්නවා ඉතින් මේ තාත්තා ඔහුගේ දියණියගේ කුඩාකාලයේ හැම මතකයක්ම පරිගණකගත කරන්න පුරුදුවෙලා හිටියා ඒ පස්සේ කාලයක බලලා සතුටුවෙන්න දියණිය ලොකුවෙනවා ඇය උසස් පාසලේදී ඇගේ මව අවාසනාවන්ත ලෙස මිය යනවා රෝගයකින් පිඩාවිද. මේ සිද්දිය දියණියට ගොඩක් බලපානවා ඉතින් දවසක් ඇය හදිසියෙන්ම අතුරුදහන් වෙනවා. කොච්චර හෙව්වත් හම්බුනේ නෑ ඉතින් මේ පියා දුවගේ පරිගණකය තුලින් හොයනවා. ඉතින් මොකක් වෙයිද කොහොමින් හරි අපිට හිතාගන්නවත් බැරි අවසානයක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. අරන්ම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD Rip පිටපත සඳහා අදාළ වේ.