ආදායම් පිට ආදායම් ලැබූ සුපිරි චිත්රපටයක් තමයි මේ ෆිල්ම් එක. 2018 සැප්තැම්බර් 13 තිරගත වුන මේ ෆිල්ම් එකේ IMDb අගය 5.2ක් ලබාගෙන තියනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Ponram. රංගන දායකත්වය දමිල සිනමාවේ සුරූපිනිය Samantha Akkineni ඇතුළු Sivakarthikeyan, Soori යන අය ලබා දීලා තියනවා.
සිනහාවෙන් පිරුණු මේ ෆිල්ම් එකේ ගම් දෙකක් තියනවා. මේ ගම් දෙකේ ජිවත් වෙන අය දෙගොල්ලොන්ට දෙගොල්ලෝ තරහයි. ඉතින් මේ ගම දෙකෙන් එකක රජතුමෙක් ඉන්නවා. ගමේ මොන දේ වුනත් ඔහු තමයි එන ප්රශ්න විසදන්නේ. කොච්ච්ච්ර නවීකරණය වුනත් ඒ ගම නම් නවීකරණය වුනේ නෑ. ඉතින් මන් රජා කියපු මුලදානියට ඉන්නවා පුතෙක් සිමාරාජා කියලා ඔහුනම් ජිවත් වෙන්නේ නැව ගිලුනත් බෑන් චුන් විදිහට ඒ කියන්නේ ජොලියෙන්. ඉතින් ඔහුට හිත යන්නේ කරුමෙට වගේ අර මන් කියපු තරහා අල්ලපු ගමේ ලස්සන චුටි ටීච කෙනෙක්ට මොනා කරන්නද හිත ගිය තැන මාලිගාවනේ. ඉතින් කොහොම හරි කෙල්ලව කැමති කර ගත්තත් ගම දෙක එකිනෙකාට තරහා නිසා දෙන්නගේ සම්බන්දෙට කැමැත්ත ගන්න ඕනි ඔහුට බාධාත් සැහෙන්න එන නිසා සිමාරාජා යාළුවා එක්ක එකතු වෙලා එක එක ප්ලෑන් දියත් කරනවා. ඉතින් මේ ප්ලෑන් ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. බලන්නකෝ ඔවුනේ ප්ලෑන් සාර්ථක වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.