Dwayne Johnson, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදියට රොක් ප්රධාන රංගන දක්වන මෙම චිත්රපටය 2018 වසරේ ඔහු රංගනය දක්වන අවසාන චිත්රපටයි. ජූලි 13 වෙනිදා තිරගතවීම් ආරම්භ කල මෙම චිත්රපටය ඇමරිකානු ඩොලර් මිලියන 125කට අධික වියදමක් දරමින් මේ වසරේ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කරන ලද චිත්රපට ලැයිස්තුවට එකතුවී ඇත. ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 280 ක බොක්ස් ඔෆිස් ආදායම් ලබාගෙන ඇත. Rawson Marshall Thurber ගේ අධ්යක්ෂණයක් වන මෙය Action, Adventure, Thriller යන කාණ්ඩ යටටත වැටි ඇත.
මේ චිත්රපටයේ කතාව ගැන නම් හැදින්වීමක් කරන ඕන නෑ. මොකද රොක් ඉන්න චිත්රපට කොහොමද කියල ඕනෑම කෙනෙක් දන්නවා, ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව අරගෙන බලන්න පුළුවන්. මේ චිත්රපටයේ ඇග හිරිවැටෙන, ඔබට ඉන්න තැන පවා අමතක කරවන දර්ශන තියෙනවා කිවොත් නිවැරදි. ක්රියාදාම හා ඇඩ්වෙන්චර් චිත්රපට වලට කැමති අයට නම් කියාපු සුපිරිම චිත්රපටයක් තමයි මේක. මේ චිත්රපටයේදී තාක්ෂණය නම් ඉතාමත් ඉහල මට්ටමින් පාවිච්චි කරලා තියෙනවා. චිත්රපටය ඉවර වෙනකන්ම එකදිගට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ තරමටම සුපිරි ෆිල්ම් එකක් මේක. රොක් පාලමක් දිගේ දුවගෙන ඇවිත් බොහොම ඈතින් තියෙන වෙනත් ගොඩනැගිල්ලකට පනිනවා. මෙන්න මේ පනින පිම්ම නිසා තමයි මේ චිත්රපටය ගොඩක් දෙනා අතර කතා බහට ලක්වුණේ. ඉතින් චිත්රපටය අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HC-HDRip පිටපත් සඳහා අදාළ වේ.