Horror කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය රිලීස් කරලා තියෙන්නේ 2017 අප්‍රේල් මාසයේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වෙන්නේ Akiva Goldsman. නිෂ්පාදකවරු වෙන්නේ Jason Blum, Bryan Bertino, Ellen Goldsmith-Vein, Matt Kaplan, Adrienne Biddle. IMDb අගය 5.7ක් ලෙස පෙන්නුම් කරනවා.
කතාව ගැන කියනවා කුඩා ළමයෙක් ඉන්නවා ස්ටෙෆනී කියලා. මෙයාගේ යාළුවා විදිහට ලගින් තියාගෙන ඉන්නේ බොනික්කෙක්ව. මෙයා තනියම ඉන්න වෙලාවේ ගේ ඇතුලේ අමුතුම සතෙක් වගේ එකෙක් අමුතු අමුතු දේවල් සිද්ද කරනවා. ඒ අතරතුර ලෝකය පුරාමත් අමුතුම දෙයක් තමයි සිද්දවෙන්නේ. කොහොමහරි ස්ටෙෆනීගේ අම්මයි තාත්තයි ගෙදර එනවා, මේ කතාවේ තියෙන්නේ අර අමුතු සතාගෙන් ස්ටෙෆනීව බේරගන්න එක. අර සතා මොනවගේද? සතාගෙන් ස්ටෙෆනී ව බේරගන්න පුළුවන් වෙයිද?