පෘථිවියේ ජිවය පවතින අවසාන නිම්නය තමන්ගේ කරගන්න තමයි කර්නල් ඩියෝසාගෙත්, ඔක්ටේවියාගෙත් එකම බලාපොරොත්තුව වෙන්නේ. ගිය සතියේ කොටසින් ඔක්ටේවියාගෙ විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වෙලා භුමිවාසින්ට පහුබහින්න සිද්ධවුනා. එහෙම වෙන්න හේතු වුනෙත් ක්ලාක් සහ කේන් තමයි ඉතින්. ඉතින් ඔය අස්සේ තමයි භුමිවාසීන්ට කමාන්ඩර්ව ඕන වෙන්නේ. එත් ක්ලාක් නම් මැඩිව කමාන්ඩර් කරන්න කැමැත්තක් නැති උනත් අවසානේ මැඩි ක්ලාක්ව කැමති කරගන්නවා. මේ කොටසෙනුත් ගියසතියේ යුද්දේ නවත්වපු තැනින් පටන් ගන්නවා. ඉතින් ඩියෝසා මේකෙන් ජය ගනීවිද, භුමිවාසින්ට ජය ලැබෙයිද, එහෙමත් නැත්තම් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන THE 100 පස්වැනි කතාසමය මේ කොටසින් අවසන් වෙනවා. ඉතින් ලබන වසරේ වගේ තමයි හයවැනි කතාමාලාව බලන්න වෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.