මේක නම් බලන්න වටිනා ෆිල්ම් එකක් නොබලා ඉන්නවනම් වැඩක් නෑ. 2018 මැයි 30 වෙනිදා තිරගත වුන මෙම ෆිල්ම් එක IMDb7.1 ලබාගෙන තියනවා. අධ්යක්ෂණය Ken Scott ඒ වගේම තමයි රංගන දායකත්වය Dhanush,Bérénice Bejo,Erin Moriarty,Barkhad Abdi,Gérard Jugnot. මේ ෆිල්ම් එක රටවල් කිහිපයකම එකතුවකින් කෙරුණු ෆිල්ම් එකක්. බොහෝ තැන්වල අප කවුරුත් දන්නා දමිල නළු ධනුෂ් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක ප්රංශ නව කතාවක පරිවර්තනයක්.
මේ කතාවේ වීරයා වෙන්නේ අජා නම් තරුණයෙක් ඔහු තනිකඩ තරුණයෙක් ඒ වගේම ඔහුට ඉන්නවා ආදරණිය මවක් ඇයත් බොහෝ සේ තම පුතු අජාට ආදරය කරා. ඔහුගේ මවනම් කියන්නේ අජාව අදහාගත නොහැකි ආශ්චර්යකින් හම්බුනා කියලයි. මේ අම්මා වගේම පුතත් හරිම දුප්පත් අම්ම වැඩ කලෙත් ඩොබි කෙනෙක් විදිහට. එත් අම්මට ලොකු ආසාවක් තිබ්බා ප්රංශයේ තියන අයිෆල් කුලුන බලන්න යන්න
අජාට ඕනි උනෙත් ඒ ආසාව ඉෂ්ට කරන්න ඉතින් අජාට පුළුවන් වෙයිද අම්මත් එක්ක මේ ගමන යන්න අජා වටා ගෙතුණු මේ කතාව මොකක්ද කියල අරගෙනම බලන්න. මේක මිස් කරගන්නන්ම් එපා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දි ඇත