මේ කතාවට පදනම් වුන කෙනා වන Miguel Joaquin de Eleicegui කියන කෙනා අඩි 7යි අඟල් 8ක් උස කෙනෙක්. මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Aitor Arregi සහ Jon Garno කියන දෙන්නා. IMDb අගය 6.9 ක්ද Rotten Tomaoes අගය 71% ක්ද ලෙස සටහන් වෙනවා. මේ චිත්රපටය 2017 වසරේ විශේෂ ජූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
ස්පාඤ්ඤයත් ප්රංශයත් අතර සීමාවෙ තියෙන, Basque කියලා රටක තමයි මේ පුද්ගලයා ජීවත් වුනේ. ඒ නිසා ඒ රටේ Basque කියන භාෂාව යොදාගෙන තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. Basque කියන රටේ Altzo කියලා පොඩි ගමක පොඩි දුප්පත් ගොවි පවුලක තමයි මෙයා ඉපදෙන්නෙ. මෙයාට අයියලා තුන්දෙනෙක්, මල්ලිලා තුන්දෙනෙක්, සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා. මෙයාට අවුරුදු 10 දී අම්මා නැති වෙනවා. මෙයාට අවුරුදු 20න් පස්සේ දරුණු ගොගයක් නිසා ඉක්මනින් ශරීරය වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙයා ගොඩක් සමීප එයාගෙ Martin කියලා අයියා කෙනෙක්ට. ඒ කාලෙ යුරෝපයේ යුධ කාලයක්. ඉතින් හමුදාවට මෙයාගෙ Martin අයියව අරගෙන යනවා. එයා යුද්දෙ ඉවරවෙලා එන්නෙ අතකුත් නැතුව. ඉතුරු ටික චිත්රපටය බලලම දැනගන්නකො.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.