මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Nettheim විසින්. මාටින් ඩේවිඩ් ගේ චරිතය නිරූපණය කරන්නේ Willem Dafoe විසින්.ඊට අමතරවSam Neill , Frances O’Conner , Morgana Davies සහ Finn Woodlock යන රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා. 2011 වසරේ තිරගත වුනු මේ චිත්‍රපටය ඕස්ට්‍රෙලියාවෙදි ඕස්ට්‍රේලියානු ඩොලර් 10,51613ක මුදලක්ද ඇමරිකාවෙදි USD 176432ක මුදලක්ද හොයාගෙන තියෙනවා. 6.8/10ක IMDB අගයක් සහ Rotten Tomatoes අගය 70%ක් ලබාගෙන තියෙනවා.ඕස්ට්‍රේලියාවේ AACTA Awardහි හොඳම සිනමාරූපණය (Cinematography) සහ හොඳම තේමා සංගීතය (Background Score) යන සම්මාන දිනා ඇති මෙය තවත් සම්මාන රැසකට නිර් දේශ වී තිබෙනවා
කතාව ගැන කියනවා නම් මේකේ තියෙන්නේ දැනට ලෝකයේ වදවී ගිය සත්වයෙක් ලෙස හදුන්වන Tasmanian Devil හෙවත් Tasmanian Tiger කෙනෙක් වටා. මාටින් ඩේවිඩ් තමයි කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මෙයාට මේ කොටි දඩයම් කිරීමට Red Leaf කියන ආයතනය වැඩක් භාරදෙනවා. කොටියා දඩයම් කරන්න ටස්මේනියාව බලා යන මාටින් නවතැන් ගන්නේ කුඩා ගම්මානයක. ඒ ගම්මානය තියෙන්නේ නම් කැලෑවක් අසල. මාටින් නවාතැන්ගන්න කුඩා ගෙදර අම්ම කෙනෙකුයි අතුරුදහන් වුන තමන්ගේ තාත්තා එනතුරු බලා ඉන්න කුඩා ළමයි දෙදෙනෙකුයි ඉන්නවා. ඒ වගේම මාටින් ගමට ආවට ගමේ කිහිපදෙනෙක්ගෙන් මාටින්ට ගොඩක් තර්ජන එනවා. කොහොම කොහොම හරි මේ බාධා කරදර මැද්දේ අන්තිමට මාටින්ට මේ ටස්මේනියානු කොටියව හොයාගන්න පුලුවන් වෙයිද? එහෙනම් හැමොටම ආරාධනා කරනවා චිත්‍රපටය නරබන්න කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]