2018 ජුනි 15 ඇමරිකාව තුල තිරගත වුණ මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණය පෙර මෙහි පළමු කොටසේ මෙන්ම Brad Bird විසින් කරලා තියනවා. Pixar Animation Studios විසින් නිෂ්පාදනය කරන ලද අතර වෝල්ට් ඩිස්නි පික්චර් විසින් බෙදාහරින ලදී. ඒ වගේම තමයි මේ කාටුන් ෆිල්ම් එකේ IMDb අගය 8 ක් ලබාගෙන තියනවා. ගුගල් පරිශීලකයන්ගෙන් 94%ක කැමැත්ත ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එකට හඩ කවන ශිල්පින් ලෙස Craig T. Nelson,Holly Hunter,Sarah Vowell,Huckleberry Milner,Samuel L. Jackson සභභාගි වෙනවා.
මේ ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් වීරයන්ගෙත් වීරයන් වන වීර පවුලක් මේ ෆිල්ම් එකේ ඉන්නවා ඒ බොබ්, හෙලන්, වින්ස්ටන්, ……… තව ගොඩක් අය ඉන්නවා. ඉතින් මේගොල්ලෝ වීර වැඩ කරමින් කාලය ගත කරමින් ඉන්නකොට මේ වෙනකොට ලොකු විරක්රියාවකට අත ගහලයි ඉන්නේ ඉහින් ඔය අස්සේ ලෝකයේ සුපිරි වීරයන්ගේ ලෝකය තහනම් කරනවා. ඉතින් එයාලට හැංගිලා තමයි තමන්ගේ රාජකාරිය කරන්න වෙන්නේ. ඔය අතරේ තව කෙනෙක් මුණගැහෙනවා ඔවුන්ට ඔහු ගාව හොද සැලැස්මක් තියනවා මේ වෙච්ච තහනමට. ඉතින් මොකක්ද මේ සැලැස්ම, කවුද ඒ කෙනා කියලා ඔයාල මින් එහාට බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB/HD පිටපත් සඳහා අදාළ වේ.